11. උඩින් උඩින් ගිය 🤭

205 80 7
                                    

ඔන්න දැන් යහන්සා නිදි කිර කිර ඉන්න කොට ඩෝං ගලා පර්ස් එකක් ඇවිත් ඔලුවට වැදුනලු.

" කවුද ඩෝ "
කියලා නැගිටින කොට යහන්සගේ දෙවනි කස් එක ඉන්නවලු ඔලුවට අත ගහගෙන.

යහන්සට රගපාන්න හිතුන නිසා.

පොඩි තරහක් අරන් නැගිටලා පර්ස් එක අතට අරන් කෑගැහුවලු.

" ඇයි වද දෙන්නෙ "

" සොරි හිතලා නෙමේ කලේ "

" හ්ම් "
යහන්සා තරහ මූනක් අරන් පර්ස් එක නිකන් උඩින් විසිකලාලු.

යහනසගේ වේලාවේ හොදකමටම ඒ පර්ස් එක උඩින් ගිහින් ජනේලෙන් එහාපැත්තේ.

යහන්සලගේ කලාස් එක තියෙන්නෙ තුන්වෙනි තට්ටුවේ. බිල්ඩිම තියෙන්නෙ ඉස්කොලේ තාප්පේ ලග තාප්පෙන් එහා පැත්තේ කාගෙදෝ පත වත්තක්.

පර්ස් එක අර කාගෙදෝ වත්තට වැටිලා. දිලිසි දිලිසි තියෙනවා යහන්සා ජනේලෙන් ඔලුව දලා බැලුවලු.

" හරිනේ හරිනේ ඔය කලේ "

" කෑනොගහ ඉන්නවකෝ "

" ඒ පර්ස් එක මගේ "
කලාස් එකෙ හිටිය ඇට ගෙම්බෙක් වගේ හාදයෙක් යහන්සගේ කන ලග ඉදන් කෑගහනවලු.

" හරිනෙ හරිනේ දැන් අරන් එනවා "

" තාප්පෙන් පයින්න කියලද කියන්නේ "

" එහෙම හරි මගේ පර්ස් එක අරන් දෙන්න "

මූ මෙතන ගෑනු ලමයෙක් වගේ වැලලෙනවා. ඇත්තටම ඒ පර්ස් එක ඇතුලේ පෑන් තිබුනේ නැති වුනාට වටින ඔරලෝසුවක් තිබුනලු.

යහන්සලගේ ඉස්කොලේ ලමයින්ගේ වටින ඔරලෝසු පොස් එක පෙන්නන්න ගෙනවට අතට වඩා තිබුනේ සාක්කු වලයි, පර්ස් ඇතුලෙයිලූ.

ඔන්න එතකොට කස් එක පංතියෙන් එලියට දිව්වලූ.

ඕන්න ටික වෙලාවකින් ඌ තාප්පේ ගාව ඉන්නවලු හිටගෙන

කොල්ලා දස්සයා. තාප්පෙන් එහා පැත්තට පැනලා පර්ස් එක අරන් අර කොල්ලට දුන්නලූ.

ඒ දීලා යහන්සාට පොඩි හිනා පාරකුත් දැම්මලු.

කෝමද කොල්ලගේ පැනිල්ල මල් හතයි කාටද ආඩම්බර යහන්සාට නේ



කම්මැලී වගේ නම් කියන් යන්න හොදේ.

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now