23. සීදේවි මුද්ද

181 60 26
                                    

සා.පෙල අවසාන වුන දවසෙම ගෙදර ඇවිත් යහන්සා මළා වගේ නිදාගත්තා. ආ ඒක ඉතින් වෙනම කතාවක්.

සා.පෙළින් පස්සේ එක්තරා දවසක යහන්සට මුද්දක් හම්බුනා. රිදී වුනු ඒක හරි සීදේවි මුද්ද.

මේකි ඒකට කොච්චර ආදරේ කලාද කියනවනම් ගමනක් යනකොටයි , නිදාගන්නකොටයි , නානකොටයි........... කොටින්ම  දකුණු අතින් පටන් අරන් වමතින් ඉවරකරන රාජකාරි වලදි පවා ගැලෙව්වේ නෑ.

ඒක දාගෙන එහෙට යනවා මෙහෙට යනවා හරියට පැරැස් මුද්ද හම්බුනා වගේ.

කොට බටු ඇගිලි අස්සේ හිරවුන මුද්ද පව් ඉතින්. ඕක දවසක් අම්මා දැකලා කිව්වලු....

" දාන් හිටියට කමක් නෑ පරිස්සන් කරන්න. ඕක මගේ අයියගේ " කියලා.

කෙල්ලගේ අම්මා දන්නවානේ කෙල්ලගේ හැටි. ගත්තොත් දෙයක් ඒක ආයේ මාසයක් හොයන්න වැඩ සිද්ද කරන්න කෙල්ලට තිබ්බේ පුදුම දක්ශතාවයක්.....

හරි දැන් මොකද්ද මුද්දේ ලියන්න තරන් තියෙන්නෙ ??

මේකයි කතාව.

දවසක් යහන්සට හදිසි අවශ්‍යතාවයකට ටැංකිය හිස් කරගන්න  ඕනවුනත් අම්මා වොශෲම් එක හොදන්න අරන් තිබ්බ නිසා ගෙදර පිටිපස්සේ ටොයිලට් එකට යන්න වුනා.

කෙල්ල ජෙට් එක වගේ දූවල ගිහින් ටොයිලට් එකේ දොරවහගත්තා.

වැඩේ ඉවර කරලා ඇදුම ඒම හරිගස්සගෙන අදාල දේවල් සියල්ල අවසන් කරලා අවසානයේ වතුර බාල්දියක් පිරෙන්න තියලා බලන් ඉන්නවා.

අතේ මුද්ද දැක්කම කෙල්ල මනෝපාරක් ගහන්න ගත්තා.

ලස්සන කොල්ලෙක් ඇවිත් කෙල්ලට ප්‍රප්‍රෝසල් කරනවා. කොල්ලා කෙල්ලට පුංචි ලස්සන හුරුබුහුටි මුද්දක් දානවා.

මුද්ද දාන්නේ මේමයි කියලා හිතලා වම් අතේ මැදගිල්ලේ තිබ්බ මුද්ද ගලෝලා ගත්තා.

ගත්ත ගමන් ගෙම්බා වතුරට පයිනවා වගේ ලොකු සද්දෙකුත් එක්ක මුද්ද වැටුනා වළට!! .

" දබක් " ගාලා සද්දයක් ආවලු ඒවැටෙන වෙලාවේ.

කෙල්ල අන්දුන් කුන්දුන් !! හූම් සද්දයක් නැතුව ඇස් ලොකු කරලා හුස්මත් හිරකරන් ටිකක් බලන් හිටියා.

පස්සේ අතත් හපාගෙන වළ දිහා බලන් හිටියා. මොකෝ අතදාන්න කියලෑ.......

එදා දවසම කෙල්ලට හෙන අවුල් , හරියට කොත්තු තවත් රුපියල් සීයකින් ඉහල ගියා කිව්වා වගේ

පස්සේ අම්මා දවසක් ඇහුවා.

" කෝ අර මුද්ද ? " කියලා

යහන්සා මෝඩ පහේ හිනාවක් දාලා. "
මන් ඒක කාටවත් ගන්න බැරි තැනක පරිස්සමෙන් තිබ්බා " කියලා කිව්වා.

වෙනස් කරලා නොදා හිටපුවා 😌🤧

Kishu aywar

Miss. Nutloose Where stories live. Discover now