8.පොඩි කාලේ දවසක්

225 80 4
                                    

යහන්සගේ ඉස්කෝලේ කොටස් දෙකයි. එකේ ඉදන් පහ වෙනකන් පොඩි ඉස්කෝලේ වෙනම හයේ ඉදන් දොලහ වෙනකන් ලොකු ඉස්කෝලේ වෙනම.

ඉතින් මේක පොඩි ඉස්කෝලෙදි වුන සිද්දියක්ලූ

යහන්සට හිටියා යාලුවෙක් එහෙමෙහෙ යන්න.

දවසක් කම්මැලී වෙලාවක යාලුවා කැන්ටිමට යන්න අඩගැහුවා.
ටීචර්ට බඩ රිදේනවා කියලා ඔන්න දැන් දෙන්න එක්ක ගියාලු.

පොඩි ඉස්කොලේ කැන්ටින් එකට යන්න හොර පාරක් තියනවා. ඔන්න ඔතනින් පැන පැන දෙන්නත් එක්ක යනවලු.

ඇවිදින්නේ නැතිව පැන පැන යන්නේ වැහලා ලොකු ලොකු මඩවලවල් හැදිලා නිසා බව කරුණාවෙන් සලකන්න.

ඔන්න ඉස්සරහට පොඩිඑකෙක් වැනි වැනි එනවලු. ඌ කිසි අවුලක් නැතිව දාර වලකින් මේ පැත්තට පැන්නලු.

යහන්සගේ මොලේ කියනවලු
" උඹත් පැනපන් " කියලා

යහන්සත් චන්ඩියා වගේ පැන්නලූ.

පැන්නා තමා වල මැද්දේ දබොක්.🤧

අර හිච්චි එකා හිනාවෙවි යනවා. වස ලැජ්ජාවයි.

යාලුවා ඇවිත් උස්සන එක පැත්තක තියලා හිනාවෙනවා.

යහන්සට හොදටම මල පැනලා.

යාලුවා එයාව එක්කන් ගිහින් යටගවුම  හේදුවලු හොද වෙලාවට සුදුගවුමෙ මඩ ගැවිලා තිබුනේ පොඩ්ඩයි. යට ගවුමනම් දුඹුරු පාටයි.

ඉස්කෝලේ ඇරෙන්න් තව පිරියඩ් හතරක් තියනවා.

එදා නම් හරිම අමාරු දවසක් ඇත්තමයි 😭 කියලා යහන්සට හිතුනා.

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now