17. විසිල්.

208 75 5
                                    

දහය වසර අන්තිම කාලේ වුන එකක්.

යහන්සගේ පන්තිය ඉස්සරහ කොරිඩෝවෙ ලග දිග දැල් ගහපු ජනෙල් තියනෝ.

එතනින් පහල බැලුවම ලමයි එහෙ මෙහෙ යනවා හොදට පේනෝලූ.
(ඉස්කෝලේ ඇතුලෙමයි පේන්නේ හොදේ)

යහන්සා ප්‍රමුක සැට් එක ඔන්න දැන් කොරිඩෝවෙ දැලේ එල්ලිලා පල්ලෙහා යන එවුන්ට විහිලු කරනවලූ.

ඔන්න ඔහොම යද්දි යහන්සගේ පලවෙනි කස් එක වගේ එකෙක් යනවා දැක්කලූ.

ඒත් ඒ අයියා කස් එක නෙමේලූ.

ඒවුනාට යහන්සගේ යාලුවෝයි යහන්සයි පහල යන ඒ අයියලට විසිල් ගහන්න ගත්තලූ.

වැඩේ වැරදුනේ උන්ටික උඩ බලපු නිසයි.

යහන්සාගේ ධාතු යාලුවෝ ටික පස්සට උනා.

පස්ස වෙන්න බැරිවුන යහන්සයි. එයාගේ එක යාලුවෙකුවයි. අර පහල අයියලා ටික දැක්කලූ.

" මළා උන් අපිව දැක්කා "
යහන්සා කැගහන්න ගත්තා.

" උබලා දෙන්නා මොකද වැදිරියෝ වගේ දැල බදන් හිටියේ "

" අයියෝ උන් දැන් එයි "
යහන්සා එක්ක දැලබදන් හිටපූ අනිත් එකී කෑගැහුවා.

ඔන්න ටිකකින් අර අයියලා උඩට ආවලූ. දුවන්න විදියකුත් නෑ යහන්සයි, දැල බදන් හිටපු අනිත් එකී දැල බදන්ම හිටියලූ.

" ආ............ හිච්චි කෙල්ලො , විසිල් ගහනවා"

" ඇයි මොනාහරි වෙන්න ඕනෙද දන්නෑ "

" හැරෙන්නකෝ බලන්න් පොඩ්ඩක් ඔය මූණ "

උන් එක එක ඒවා කියනවා. හිනාවෙනවා. යහන්සගේ එහා පැත්තේ ඉන්න එකි දැල අල්ලන් වෙව්ලනවා.

තව ටික වෙලාවක් දැල අල්ලන් හිටියනම් දැල ගැලවිලා අතට එනවා ශුවර්.

උන් ටිකවෙලාවක් කැරකි කැරකි ඉදලා යන්න ගියා.



Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now