5.ගැම්මෙන්‍ යං

236 82 11
                                    

කරස් එක දැක්කම මොකක් හරි ගොං ඔලමොට්ටල දෙයක් වෙන එක යහන්සට නවත්තන්නම් බෑ.

දවසක් යහන්සයි යහන්සගේ හැමදේම දන්න යාලුවයි ගමනක් යනවලු. එතකොට ඔන්න එයාලගේ ඉස්සරහින් දිලිසි දිලිසි කරස් එක එනවා.

" ටිකක ලස්සනට පලයන්. හිත අල්ලලා යන විදියට "

" හරි හරි මං ගැම්මෙන් යන්නං "

යහන්සා හොද හුස්මක් අරන් තාලෙට අඩිය තියලා ඉස්සරහට යනවා.

කස් එකලං වෙනවා

යහන්සා තාලෙට යනවා

කස් එක ලං වෙනවා.

" වෙලාවට කරපන් "

" හරිහරි මං ගානට ඇගේ හැප්පෙන්නම් "
ඔන්න කස් එක ලගටම ආවා.







කස් එක පහු වෙලා ගියා. යහන්සාට ඇගේ හැප්පෙන්න බැරිවුනා.

ඒත් හැප්පෙන්න හිතන් ඇවිදපු නිසා කන්ට්‍රෝල් නැතුව යහන්සා පොලව බදාගත්තා.

" අනේ මන්දා බන් උබ සාර්ථක ලෙස වැලදුවනේ "

" ඒකතමා "
යහන්සා නැගිටලා පිටිපස්සේ බැලුවේ කස් එක දැක්කද කියලා දැනගන්න.

හොද වෙලාවට එයා එයාගේ පාඩුවේ යනවා.

යහන්සාට දැනගන්න ඕන වුනා එයාගේ ගැම්මෙන් ඇවිදින කොට කොයි වගේද කියලා.

ඒනිසා එයා ගෙදර ගිහින් අම්මට පෙන්න එහෙම ඇවිද්දලු

" දෝනි මොකෝ ඔයා පාත්තයෙක් වගේ යන්නේ. "

ඒක ඇහුවම යහන්සා රත් වෙලා ගියේ කරස් එක මොනා හිතුවද කියලා මතක් වෙලා.

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now