*6

1K 220 24
                                    

🐰: ජින් හියුන්...
හවස හතරට විතර ජන්කුක් කෑ ගහගෙන ජින්ව හොයනවා... අද ජින්ට නිවාඩු දවසක් නිසා එයයි ජන්කුක් දෙන්න ගෙදර... අනිත් දෙන්නටත් අද නිවාඩු දවසක්ම තමා... ටේ, ජූන්, සුගා තවම එයාලගේ මිශන් එක ඉවර කරල ඇවිත් තිබුනෙ නෑ....

🐑: කියන්න කුකී.... මං කිචන් එකේ...

🐰: හියුන් මගේ යාලුවෙක් ඇමෙරිකා වල ඉදන් ඇවිත් මං අද එයත් එක්ක ටිකක් එලියට යනවා...

🐑: කවුද යාලුවා...

🐰: ඇත්තටම එයා ගෑණු ලමයෙක් හී...

🦄: ඔහෝ.... කොල්ල එහෙ ඉදන් මොනාද කරේ ආ...
ජිකුක් කතාවට හොම්බ දැම්ම හොබී අහනවා...

🐰: එහෙම එකක් නෑ හියුන් එයා මගේ යාලුවෙක්...

🐑: හරි හරි ගොඩක් රෑ වෙන්න කලින් එන්න හොදේ...

🐰: හරී...
ජින්ගෙන් අවසර ලැබුනු ගමන්ම ජන්කුක් දුවගෙන ගියේ එයාගේ යාලුවව හම්බෙන්න... ජන්කුක් ඈතට යනකන් ඉදලා හොබී ජින් ලගට ඇවිත් ටිකක් නොරිස්සුම් බැල්මකින් මෙහෙම අහනවා...

🦄: තනියම යැව්ව එකට...

🐑: එයාව ගෙදරටම කොටු කරන්න බෑ හොබී... එයා තාම ගොඩක් තරුණ ලමයෙක් එලියට ගිහින් එන්ජෝයි කරන වයසේ කෙනෙක් ඒක නැවැත්තුවොත් වෙන්නේ එයා ඒවා හොරෙන් කරන එක නැතුව ඒවා නොකර ඒන්නෙ නෑ...
ජින් කියන කතාව ඇත්ත... කිසිම කෙනෙක්ව කොටු කරල නීති මත හැදුවොත් වෙන්නේ ඒ කෙනා නපුරු වගේම තව තවත් මුරණ්ඩු වෙන එක විතරයි...

🦄: හම්ම් ඒත්...
හොබීට බය තිබුනේ ජන්කුක් තනියම යැව්ව එක ගැන මොකද දැන් තියෙන වාතාවරණයත් එක්ක තනියම යවන එක අවදානම්නේ...

🐑: බය වෙන්න එපා ඉක්මනට එයිනේ...

🦄: හම්ම්

🐥: මොනාද ඔය දෙන්න කතා කරන්නේ අනික කොහෙද අර කුකී දුවන් ගියේ...
ජන්කුක් එයාගේ යාලුව බලන්න තියෙන හදිස්සියට සේරම පෙරලන් තමා දුවල තියෙන්නෙ... ඒකට බය වෙලා ජිමින්...

🦄: කෙල්ලෙක් බලන්න
හොබී විහිලුවකට වගේ කියල දැම්මා...

🐯: මොකක්....
පිටිපස්සෙන් ඇහුන කට හඩත් එක්ක තුන් දෙනාම ගැස්සිලා ගියා... වෙන කවුරුත් නෙමේ ටේ තමා ඇවිත් හිටියේ...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now