*11

966 210 28
                                    

ජන්කුක් නැගිටිද්දී හවස් වෙලා එයාගේ ඇගේ නිදි විශ තිබ්බ නිසා තාමත් එයාට නිදිමතේ.... හෙමීට කිචන් එක පැත්තට ගිහින් බනානා මිල්ක් එකකුත් කටේ ගහගෙන ජන්කුක් ආවේ සාලෙට...

🐥:කුකා නැගිට්ටද?
ජිමින් ජන්කුක්ව දැක්ක ගමන් කෑ ගැහුවා... තාමත් නිදිමතේ මලකද වගේ ඇවිදින ජන්කුක්ට නම් ඒක ඇහුනෙ නැද්ද කොහෙද? එහෙම්මම ඇවිත් ජිමින් ලගින් වාඩි වෙලා එයාට තුරුල් වෙන ගමන් බනානා මිල්ක් එක බිව්වා...

🐥: තාම නිදිමතද ආ...
ජිමින් ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන් ඇහුවාම ජන්කුක් ඔලුව උඩට පහලට කලේ ඔව් කියල කියන්න කතා කරන්න බෑනේ අරක කටේ ගහගෙන...

🐥: තුවාල රිදෙනවද කුකී...
ජන්කුක්ගේ ඇග හැම තැනම තුවාල වගේම තැලුම් පාරවල් තිබ්බා... එයාලට හිතුනේ ජන්කුක් එයාලව සනසන්න ඕන නිසා එයාට කරදර කරපු විත්තිය කියන්නේ නෑ කියලා මොකද එහෙම කිව්වනම් ටේ හැසිරෙන විදිහ ගැන ජන්කුක් වගේම අනිත් අයත් හොදටම දැනගෙන හිටියා... ඒත් එතන උනු දේ ඇත්තටම දන්නේ ජන්කුක් වගේම එතන හිටපු shadow විතරයි... ජන්කුක් එතන උන දේ හංගන්න හේතුවක් ඇති.... සමහර විට shadow එයාට එහෙම කරන්න කියන්න ඇති...

🐱: ලෙඩ නිසා ඉවසන්නේ හරිද?
සුගා එතනට එද්දී ජන්කුක් ජිමින්ට තුරුල් වෙලා ඉන්නවා දැකලා එයත් ඒ ලගින් ඉදගත්තා... ඉදගෙන ජන්කුක්ගේ කොණ්ඩෙ අවුස්සන ගමන් බොරු තරහක් අරගෙන කතා කරා...

🐥: යුන්ගියා ඉන්න අනේ එයාට තාම නිදිමතේනේ...

🐱: කවදාවත් මට නිදාගන්න ඔහොම තුරුල් කරගන්නවද? මේව හෙන ගහන අපරාද...
සුගා කටත් ඇද කර කර කියන විදිහට ජිමින්ට වගේම ජන්කුක්ටත් හිනා ගියා...

🐯: මගේ බබාව මට දෙන්න...
ඊලග ඊරිසියාකාරයා ආවා... ජිමින් ලග හිටිය ජන්කුක්ව වඩාගෙන එයා ලගට අරගත්තා...

🐥: සේරම ඊරිසියාකාරයෝ තමා...
සුගාගේ තුරුලට යන ගමන් ජිමින් එහෙම කියලා හිනා උනා...

ජින්, සෙලීනා එක්ක shopping ගිහින් හිටියා... ජූන් හොබී එක්ක පොඩි වැඩකට එලියට ගිහිල්ලයි හිටියේ ගෙදර හිටියේ ටේකුක් යූන්මින් කපල් දෙක විතරයි... හතර දෙනා එකතු වෙලා ෆිල්ම් එකක් බලන්න ටීවී එක දැම්මත් දැක්කෙ නම් වෙන දෙයක්...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now