*20

916 203 68
                                    

ටේ, ජූන්, ජින්, ජේහෝප්, සුගා, ජිමින් හය දෙනාම හිටියේ කලුවර කාමරේක ගැටගහලා... උනේ මොකක්ද ඉන්නෙ කොහෙද කියලවත් හිතා ගන්න බැරුව හය දෙනා බලාගෙන හිටියා... මොකද එයාලා ටිකකට කලින් හිටියේ එයාල එයාලගේ වැඩ කරන තැන් වල... ජූන්, ටේ, සුගා තුන් දෙනා එයාලගේ විමර්ශන ඒකකයෙත්, ජින් හොස්පිට්ල් එකෙත්, ජිමින් එයාට අලුත් හම්බුන ඩ්‍රාමා එකේ වැඩ වලට එලියට ගිහිනුත්, ජේහෝප් එයා අලුතින් හදන්න බලාපොරොත්තු උන හොටෙල් එක හදන තැනත් හිටියේ.... ඒත් එක පාරට එයාලා අදුරු කාමරේකට ආවේ කොහොමද කියන එක ගැන කාටවත් මතකයක් නෑ...

ටිකකින් කාමරේ ලයිට් එක පත්තු වෙනවත් එක්කම කට්ටිය කලබල උනා වටපිට බලද්දී දැක්කේ එයාලා ඉස්සරහ ඉන්න අදුරන මූණ උනත් කිසිසේත්ම විය නොහැකි දෙයක්... මොකද මැරුණු කෙනෙක්ට නැවත එන්න පුලුවන් කමක් නෑ... ඒ කෙනා කට්ටිය දිහා බලාගෙන හිටියා... කිසිම දෙයක් නොකියා බය උනු වගේම කුතුහලයෙන් පිරුණු ඒ මූණු හය දිහා බලාගෙන හිටියා... එයාට ඒක සතුටක් ගෙනාවා... බය වීම කියන එක එයාට සතුටක් උනා... ටිකකින් එයා කතා කරා...

: මොකද මේ bangtans ලා බය වෙලා... බලන්නකෝ ඔයාලගේ මූණු ටික දිහා... තමුන්ලට මරණ බය තේරෙනව එහෙනම්...
ආපු කෙනා එහෙම කියලා හිනා උනා... ඇත්තටම කට්ටිය බය වීමකටත් වඩා පුදුම වීමකුයි වෙලා තිබ්බේ... මැරුණු කෙනෙක් ජීවත් වෙන්නේ කෝමද?

🐨: ඔයා කොහොමද ජීවත් වෙන්නේ...

: හොද ප්‍රශ්නයක් මිස්ටර් RM ඔයා තමා දවසේ ප්‍රශ්ණය ඇහුවේ... ඔයාලා හිතන්නේ මං මලවුන්ගෙන් නැගිට්ට කියලද ආ... තමුසෙලට වැරදුනු තැන තමා ඒක... මොකද ඔයාලා එදා මරල දැම්මේ ඇත්තම ඩ්‍රැගන්ව නෙමේ එයාගේ නිවුන් සහෝදරයව... දන්නවද මං මල්ලිව බලන්න අවුරුදු ගානකට පස්සේ කොරියාවට ආවම මට දැනගන්න හම්බුනු ආරංචිය... එයා මැරිලා නෑ මරල දාලා... එදාම තමා මට තමුසෙලව ඉවරයක් කරන්න ඕන උනේ ඒත් මං ඉවසං හිටියා... වෙලාව එනකං ඉවසගෙන හිටියා... අදයි ඒ දවස මගේ මල්ලිගේ මරණෙට පලිය මං ගන්නවා... තමුසෙල සේරම මං අද මරල දානවා...
ඩ්‍රැගන් කියලා අදුන්වපු පාතාල කල්ලි නායකයා ඇත්තටම එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්... එයාලා නිවුන් සහෝදරයෝ වගේම දෙන්නම එක වගේ නිසා ලගම අය පවා දැනන් හිටියේ ඩ්‍රැගන් කියන්නේ එක්කෙනෙක් කියලා... ඉතින් එදා bangtans ලා මැරුවේ ඒ එක ඩ්‍රැගන් කෙනෙක් විතරයි... අනිත් කෙනා තමා එයාලව අල්ලගෙන ආවේ...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now