*15

935 203 7
                                    

ජන්කුක්, මාර්කෝ, ටේ, ජූන්, ජින්, සුගා, ජිමින්, හොබී වගේම සෙලීනගේ cousin උනු මියත් Cemetery එකේ හිටියා... හැමෝගෙම මූණු වල තිබ්බේ එකම එක හැගීමක් විතරයි හැමෝම දුකින්... කාටවත් කරදරයක් නොකරපු සෙලීනා අද හැමෝම අතරින් යන්න ගිහින් හැමෝම හිතුවෙ මේක හීනයක් වෙන්න කියල උනත් ඒ හැමෝම දැනන් හිටියා මේක හීනයක් නෙමේ කියලා... සෙලීනගේ බොඩි එක ජන්කුක්ගේ බාරයට ගන්න පුලුවන් උනේ සෙලීනගේ පවුලෙ අය කවුරුත් කොරියාවේ ඒ වෙද්දි හිටියෙ නැති නිසා... ඇරත් එයාලා සෙලීනගේ මරණෙ ආරංචි උනත් ආවෙත් නෑ... මියා නම් ආවා... මොකද එයාට ජන්කුක්ට වගේම මාර්කෝටත් කියන්න ලොකු කතාවක් තිබ්බා...

Cemetery එකේ හැමෝම ගියත් එතන ජන්කුක් මාර්කෝ දෙන්න ඉතුරු උනා... එයාලට සෙලීනට වගේම ඒ දෙන්නට දෙන්නටත් කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා... ඒක නිසා අනිත් අය එයාලට කතා කරන්න වෙලාව දීලා cemetery එකෙන් එලියට ගියා... තවත් විනාඩි දහයක් විතර යනකන් ජන්කුක් මාර්කෝ අයර කිසිම කතාවක් තිබ්බෙ නෑ...

🐿: මට සමාවෙන්න ජන්කුක්
එයාලා අතල තිබ්බ නිහඩ බව නැති කරල මාර්කෝ කතා කරා...

🐰: මටත් සමාවෙන්න...

🐿: ඒ මොකටද?

🐰: ඔයාල දෙන්න අතරට ආවට

🐿: ඔයා එහෙම නොකල නම් සෙලීනා සතුටින් ඉන්නෙ නැති වෙන්න තිබ්බ ජන්කුක් මං වැරදි ඒත් මං එයාට ආදරේ කලා ලබා ගන්න පාවිච්චි කරපු ක්‍රමයයි වැරදි

🐰: ආදරේ අන්ධයි කියනවනේ

🐿: අර ඔයා ලග හිටිය කෙනාද ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ආ...

🐰: ඔව් ඇයි මොකද?

🐿: නෑ ඔයාටම ගැලපෙනවා

🐰: තෑන්ක්ස් බං... එයත් අපිත් එක්ක හිටිය නම් අපි දෙන්න යාලුවො වගේ ඉන්නව දැකල එයා සතුටු වෙයි

🐿: මං හිතනව එයා අපි දිහා බලන් ඇති කියලා... ඒත් එක දෙයක් වැරදි

🐰: ඒ මොකක්ද?

🐿: මං උබේ යාලුවෙක් නෙමේ හොදේ... මං තාම උබේ හතුරා

🐰: උබ හිතනවද තාමත් මාව පරාද කරන්න පුළුවන් කියලා

🐿: උත්සාහ කරනවා

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now