*8

1K 211 41
                                    

🐰: ලීනා....
ටේ එක්ක ටික වෙලාවක් හුරතල් වෙවී හිටපු ජන්කුක් ආපහු පහලට ආවේ ලීන මතක් උනු නිසා...

🌷: ජන්කුකී....

🐰: සොරි කලින් උන දේට... ඇත්තටම සමාවෙන්න ටේ හියුන් ටිකක්....

🌷: ඒකට කමක් නෑ ජන්කුක්... ඔයා දන්නවනේ මං ගැන
සෙලීනා හිනා වෙලා එහෙම කිව්වාම ජන්කුක්ටත් හිනා ගියා... මොකද සෙලීනා වැඩිය දේවල් හිතේ තියා ගන්නේ නැති කෙනෙක් කියලා ජන්කුක් දැනගෙන හිටියා...

🐰: හරි හරි අහන්නකෝ... ඔයා මෙහෙ ඉන්න ටේ හියුන්ගේ අවසරේ තියෙනවා... එතකොට හියුන්ලා....
ජන්කූක් එනකොට ටේගෙන් සෙලීනව දවස් කීපයකට නතර කර ගන්න අවසර ගත්තා... ඉතින් එයා සෙලීනත් එක්කම අනික් අය දිහා බැලුවේ කමක් නැද්ද කියලා අහන්න වගේ...

🐨: අපිට අවුලක් නෑ...

🐑: ඔව් යාලුවට කරදරේකදි උදව් කරන්න එපැයි

🐰: හුරේ... දැන් මට පාලුවක් නෑ...
කට්ටිය අවසර දුන්නට පස්සේ ජන්කුක් කෑ ගහලා උඩ පැන්නේ ආපහු නම් එයාට පාලුවෙ ඉන්න ඕන නැති නිසා... මොකද හියුන්ලා එයාලගේ වැඩ කරද්දී ජන්කුක්ට කතා කරන්නවත් කෙනෙක් නැති වෙන අවස්ථා ආවා... ඉතින් දැන් සෙලීනා ඉන්න නිසා එයාගේ පාලුව ඇරෙනවනේ..

🌷: හී....

🐰: හරි එහෙනම් ඔයාගෙ ඇදුම් ටික අරන් එමු අදම.... මේ දැන් එන්න යමු...
ජන්කුක් සෙලීනවත් එක්කන් දොර දිහාට ගියා..

🐥: තනියම යන්න පුලුවන්ද?

🐰: මට driving පුලුවන්....
ජන්කුක් කොල' එකත් උස්සලා හෙන ගැම්මෙන් කිව්වාම සෙලීනට එයාගේ හිනාව නවත්ත ගන්න අමාරු උනා... එයා හිනා වෙවීම කතා කරා..

🌷: මංනෙ දන්නෙ driving ගැන....

🐰: දැන් ඒව ඇදල ගන්න එපා හොදේ
ජන්කුක් සෙලීනට දවා අලුකරන බැල්මක් දාල කිව්වේ එයා ඩ්‍රයිවින් ඉගෙන ගත්තු විදිහ ගැන දැන ගත්තොත් ජන්කුක්ගේ ආත්ම ගරුත්වය හේදිලා යන නිසා....

🌷: හරි හරි මං කියන්නෙ නෑ වාහන කීයක් කැඩුවද කියන එක.... ඒ වගේම මට වාහන පදින්න බෑ කියලා හොටු පෙරන් ඇඩුව කියල කියන්නෙත් නෑ... පාරෙ ඉන්න ආන්ටිලගෙන හොදටම ගුටි කෑව එක කියන්නෙත් නෑමයි....
සෙලීනා එහෙම කිව්වාම ජන්කුක් කරේ බිංකුණ්ඩෙක් වගේ ඇගිලි වලින් පොලොව හාර හාර සෙලීනට රවපු එක...

SECRET SUPPORTER|TK| ✔Unde poveștirile trăiesc. Descoperă acum