*12

910 207 29
                                    

🐑: කවුද ඔයාලා...
දොර ඇරපු ජින්ට මීට කලින් කවදාවත් දැකල නැති කට්ටියක් දකින්න ලැබුනු නිසා එයා කතා කරා...

👥: සෙලීනා කොහෙද ඉන්නේ....
ඒ කට්ටිය ජින්ගෙන් ඇහුවා...

🐑: ඔයාලා කවුද?
සෙලීනා ගැන වැඩි දෙයක් නොදන්නවා උනාට ගෑණු ලමයෙක්ව නොදන්නා කට්ටියක් එක්ක යවන්න ජින් කැමති උනේ නැති නිසා කතා කලා...

👥: අපි සෙලීනා මැඩම්ව ගෙදර එක්කන් යන්න ආවේ එයාගේ ඩෑඩ්ගේ කීමකටයි....
එයාලා එහෙම කියනවත් එක්කම සෙලීනා එතනට ආවා...

🌷: ජින් ඔප්පා... මං එයාලව දන්නවා
සෙලීනා එහෙම කියලා ජින්ව හග් කලා.. හරියට ආපහු අපි හමුනොවේවී කියන්න වගේ... ජින්ට ඒක තේරුනා නම් සමහරවිට තත්වෙ වෙනස් නොවෙන්න තිබ්බා... සමහර විට දෛවය ඒක එහෙම කරන්න ඕන කියල හිතන්න ඇති....

🐑: ඔයා කොහෙද යන්නෙ සෙලීනා... කිව්වෙ නෑනේ
ජින් සෙලීනගෙන් මෙහෙම අහනවා

🌷: මටත් හදිස්සියෙ තමා ඔප්ප කිව්වේ... මම්ට ටිකක් සනීප නෑලු මං ඒක නිසා ආපහු යන්න ඕනා... මෙච්චර දවසක් මාව තියාගත්තට පරිස්සමින් බලා ගත්තට තෑන්ක්ස් ඔප්පා... අනිත් අයටත් කියන්න මං ගියා කියලා...

🐑: ජන්කුක්ට කතා කරල යන්න නැත්නම් පරල වෙයි දන්නවනේ හැටි

🌷: දැන් ඇහැරවන්න එපා ඔප්පා... මං කෝල් එකක් දෙන්නම් පස්සෙ එයාට

🐑: හරි එහෙනම් පරිස්සමින් යන්න හරිද?

🌷: ම්ම්ම්

🐑: ආපහු අපිව බලන්න එන්න හරිද?

🌷: මං යනවා ඔප්පා... බායි පරිස්සමින් ඉන්න කට්ටියම

🐑: ඔයත් පරිස්සමින් සෙලීනා....
සෙලීනා ආපු අයත් එක්ක යනකන් ඉදලා ජින් ආපහු කර කර හිටපු වැඩේ කරන්න ආවා...







🐰: ගුම් මෝනින් ජින් හියුන්ගී...
ජන්කුක් දුවන් ඇවිත් ජින්ගේ කරට පැන්නා...

🐑: කෝ කරෙන් බහින්න ලමයෝ... මොන මෝනින්ද දවල් දොලහට ආ...

🐰: මට නම් මෝනින් දැන් තමා... කෝ අනේ මගේ බනානා මිල්ක් එක...
දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙන ගමන් ජන්කුක් ජින්ව බදා ගත්තා...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now