*7

1K 217 26
                                    

"සර් මේ බඩු ටික කොතනින්ද මාරු කරන්නේ..."

"රෝරන් පාක් එකට පාන්දර 2 ට..."

"හරි සර්...."

සතියක් යනකන් ජන්කුක්ට ගෙදරින් එලියට යන්න හම්බුනේ නෑ... වෙනදට කවුරුහරි එක්ක එයාලා වැඩ කරන තැනට ගියත් ගිය සතියම එයාට උනේ ගෙදරට වෙලා ඉන්න... අද නම් කට්ටියම ගෙදර ඉන්න දවසක්... ඒ වගේම ජන්කුක්ගේ දඩුවම් කාලය ඊයෙන් ඉවර උනා ඒත් තාම ටේ නම් කතා කරේ නෑ... වෙනද වගේම හැමෝම දවල්ට කෑම කාලා ටිකක් නිදා ගන්න ගියා... ඔය අතරේ ජිමින්ට shadow ගෙන් පනිවිඩයක් එනවා...

Shadow
හෙට පාන්දර 2 ට රෝරන් පාක් එකේදී ඩ්‍රැගන්ගේ තවත් බඩු තොගයක් හුවමාරු වෙන්න තියෙනවා...

Jimin
හරි... වෙන විස්තර මොනාද?

Shadow
එන්නෙ කවුද කියල හරියටම දන්නෙ නැහැ... ඒත් ටිකක් ලොකු බඩු තොගයක්.... සමහර විට ඩ්‍රැගන් එන්න බැරි නෑ...

Jimin
Okay... ඒක නෙමේ මොකද කලින් ටිකේ සද්ධයක් තිබුනෙ නැත්තේ...

Shadow
අවශ්‍ය දේවල් කතා කරන්න jimin... මං ඔයාලට උදව් කරනවා විතරයි... මගේ පෞද්ගලික දේවල් වත් මං කරන දේවල්වත් ඔයාලට අදාල නෑ...

Jimin
එහෙම අදහසකින් ඇහුවෙ නෑ... සොරී.... අපි වැඩේ කරන්නම්...

Shadow
තව දෙයක් හැම වෙලේම පරිස්සමින් කරන දෙයක් කරන්න මොකද ඩ්‍රැගන් ඔයාලව හොයනවා...

Jimin
හම්ම්....



ජිමින් කට්ටියට ඒ ගැන කිව්වා... ජූන් කට්ටියට ප්ලෑන් එක විස්තර කරා.... උදේ වෙද්දී ගෙදර එන්න පුළුවන් නිසා එදා වගේම කාමර ලොක් කරල දාලා යන්න කට්ටිය තීරණේ කලා... මොකද ජන්කුක් ඇහැරුනොත් එයාලා නෑ කියන එක නෝට් වෙනවනේ...

කතා කර ගත්තු විදිහට වගේම ප්ලෑන් එකේ විදිහට එයාලට ඒ වැඩේ ඉවර කරන්න පුළුවන් උනා... ඒ වගේම අද shadow ත් එයාලගේ උදව්වට ආවා... ඒත් කට්ටිය හිතුව විදිහට ඩ්‍රැගන් නම් ඇවිත් හිටියේ නෑ...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now