09- අතරමැදි දොරටුව 🕷️

1.4K 238 91
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
" whaaaaaaaaat.............??????? "

" අපි යමු එන්න. ""

Group floor එකේ දී නිතේෂ් කෙවින්ගේ අතින් තද කර අල්ලාගත්තේ ය....

එහෙත් කෙවින්ගෙන් නිතේෂ්ට යොමුවූයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.. ඔහු තම අත ගසා දමා කෝපයෙන් නිතේෂ්ට රැව්වේ ය...
පසුව නිතේෂ්ගේ කොලරයෙන් අල්ලාගත් කෙවින් අසල තිබූ බිත්තියකට නිතේෂ්ව තල්ලු කර ගොස් ගේත්තු කරගත්තේය...

" කෙවින්..... ?" නිතේෂ්ගේ මුහුණේ තිබුණේ යටත් වූවාක් සේ ප්‍රතිචාරයකි...

" අහන්න... මම ඔයාට ඔක්කොම කියන්නම්.. ඉන්න .. කියනකන් ඉන්නවා....පොඩ්ඩක්"

" කටවහපන්.... උඹ මොකටද මම පලිගන්න හිටපු උන්ව මරලා දැම්මේ...????? කියපන්........!!!!!!

කෙවින්ගේ දෑස් තුළ කඳුළු පිරුණි...

"ඇයි එහෙම කලේ....?????"
"අයි ඇයි ඇයි කියනවා.. කෙවින් අඩමින් ම නිතේෂ්ගේ කෝට් කොලරයෙන් අදිමින් කෑගැසුවේ ය....
නිතේෂ් කෙවින්ට ඉඩ දී නිහඩ වූ අතර පසුව කෙවින් තරම සන්සුන් වීය...
දෙදෙනා සිටියේ වටේම වැසී තිබු පටු ඉඩක නිසා කිසිවෙකුට ඔවුන් පෙනුනේ ද නැත...
සන්සුන් වූ පසු කෙවින්ගේ බිමට නැඹුරු වූ ඇස්වලින් නොනවත්වාම කඳුළු ගලා එන්නට වූ අතර නිතේෂ් නැවත කෙවින්ගේ අතින් අල්ලාගෙන මීටර් කීපයක් දුරින් නවතා තිබූ වාහනයට නැගුණි...
කෙවින් අප්‍රාණික වූවකු සේ හඩමින් වාහනයේ Sheet එකට බර වීය..
නිතේෂ් මද වේලාවක් බලා සිට නැගිට ගොස් කෙවින් අසලින් වාඩි වූ අතර තවත් වේලාවක් නිහඬව බලා සිට කෙවින්ගේ අතින් ඇද පපුවට ලං කරගත්තේය....

"ඔයා දන්නේ නෑ මං ඔයාව හොයපු තරමක්... තවත් මං දුක් විදින්න දෙන්නේ නෑ මගේ බබාට.. ජොනතන් , හෙලීනා , කාර්ලොස් මරපු විදියට ඔයාට දුක හිතෙන්නේ නෑ... අපි යමු.. ගිහින් මම ඔයාට පෙන්වන්නම් මම ඔයාට වඩා හොදට එයාලගෙන් පලිගත්තා කියලා...."

කෙවින් කඳුළු පිරි දෑසින් ඒ දෙස බලා සිටියා පමණි...

" ඔයා මගේ..... මම ඔයාව බලාගන්නවා.. මගේ අන්තිම හුස්ම වෙනකන්... ඒ නිසා තවත් ඒ නරකාදියේ මම ඔයාව තියන්නේ නෑ කෙවින්... මම ඔයාට පොරොන්දු වෙනවා... "

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now