19- වියරු ප්‍රේමය🕷️

1K 177 57
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
.
"අනේ මැණික ඇයි දැන් මේ කඳුළු...."

එයාගේ ආදරේ පිරුණු හාදුවකට පුළුවන් උනා මාව අඩවන්න...
ඇත්තටම මම වැරදී බෝලේ.. මම ඔයාට හොරෙන් මේ හැමදේම කරේ. තවත් මම ඔයාව මගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරනවා.
මම ඒක ඔයාට කිව්වොත් ඔයා මාව තවත් ඔයාගේ ලග තියාගන්නේ නෑ..
එලවලා දායි..
ඒ නිසා මට කියන්න බෑ..
මම ම ඒක කරලා මම ම යන්න යන්නම්....
ඔයාට ඒක දුකක් වෙන එකක් නෑ..
මං වගේ ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු ආත්මාර්ථකාමී මිනිහෙක්ට ආදරේ කරන්න එපා බෝලේ..."

මගේ හිතෙන් මම එකම අදෝනාවක ඉන්නේ.. මට මේ ටික එයාට කට ඇරලා කියන්න පුළුවන් උනානම්..
මට හිතුණු එකම දේ ඒක..

" ඇයි දෛවය මට මෙහෙම කරන්නේ .....???"

"ඇයි මැණික.. ඔයා ඔය පපුවේ හිර කරගෙන ඉන්නේ මොනවද...??? මම ඒවා අහන්න තරම් ඔයාට ලග නැද්ද...???

"අනේ එහෙම නෑ බෝලේ...."

" එහෙනම් මට කියන්න... ඇයි ඔයාව එයා කිඩ්නැප් කරේ. ?
ඇයි ඔයා එයාට වෙඩි තිබ්බේ.?
ඇයි ජෝජ් එහෙම උනේ..?

" මම කියන්නම්..."

මම දිග හුස්මක් ගත්තා. කපලා කොටලා හරි මම එයාට එතන උන දේ කියන්න ඕනි.

" එදා ඔයයි මමයි ශොපින් කරලා එද්දී අපිට ජෝජ් හම්බුනානේ..."

'" ඔව්. දිගටම කතාව කියන්න. මං අහගෙන ඉන්නේ..."

" ඉතින් මට එදා ජෝජ් ගැන ගොඩක් දුක හිතුනා...ඉතින් මම මගේ විශ්වාසවන්ත කෙනෙක්ට කිව්වා එයා ගැන ටිකක් හොයලා බලන්න කියලා..."

මම එයාට කිව්වේ නෑ ඒ මගේ හැකර් කියලා . මොකද තාම මගේ වැඩ ඉවර නෑ. ඒ වෙනකන් මම එයාව රහසක් විදියට තියාගන්න ඕනි.

"ඉතින් එයා මට හොයලා කිව්ව දේ නම් සුබදායක දෙයක් නෙවෙයි...
මාව එයා ඔයා එක්ක දැක්කට පස්සේ මං ගැන හොයලලු..
එයා දැනගෙන මමයි බ්ලැක් මාස්ක් කියලා.

" අහ්.....?????

බෝලේගේ ඇස් ලොකු උනා. එයා මාව පරිස්සම් කරා ගොඩක් . එයාගේ ලග මම ඉදලත් මගේ ඩීටේල්ස් වෙන කෙනෙක් හොයාගත්තා කිව්වම එයාට අවුල් යන්න ඇති. ඒකයි මම මගේ සේරම එයාට නොකියන්නේ..
එයා එයාට වරද පටව ගනී කියලා මට සාධාරණ බයක් තිබුණා..

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now