16- නොදන්නා තැනක 🕷️

1.1K 193 66
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
නොදන්නා තැතක......

" හොයාගත්ත ද උඹ ඌ හරියටම කවුද කියලා... කියපන්....

කළු පැහැති හුඩී එකක් හැද පිස්ටල් එකක් ද අතැතිව සිටි ඔහු තමා ඉදිරියේ දණගසාගෙන සිටින වයස 40 පමණ වන මිනිසාට වැරෙන් පයින් පහරක් එල්ල කලේය...
එම පහරින් දණගසාගෙන සිටි පුද්ගලයා පසෙකට පපුවත් අල්ලාගෙන විසි වුනේය...

"ආහ්.........ස....ස...සර්... ඌ ලංකාවේ එකෙක්...මිස්ටර් ජොනතන්ට එහෙ ඒ කොල්ලාගේ මමා ඌව විකුණලා...
ඉතින් එහෙම තමා පොර ඇමරිකා ආවේ...

" අහ්... ඒකත් එහෙමයි.. මේ පූස් පැටියෙක් එහෙනම් සිංහයෙක් වෙලා ගේම් ගැහුවේ... බලාගමු..."
අනිත් අය ඉක්මනින් එකතු කරගමු. ගොඩක් අයට ඕනි ඇති උගෙන් පලි ගන්න. පව් හිතන්නෙ නැතුව ඇති ඌ හැප්පුනේ වැරදි මිනිහෙක් එක්ක කියලා.. "

" දැන් ඌ ඉන්නේ අර නිතේෂ් ලොක්කා එක්කනේ.. ඌව උස්සලා ගෙනත් මගේ කකුල් දෙක ඉස්සරහා දණගස්සපන්.."

" ඒත් බොස් ඌ ඉන්නේ පූර්ණ ආරක්ෂාවක් එක්ක. අපිට ඒ ලගටවත් යන්න අවසර නෑ . ගාඩ්ලා ගොඩක් ඉන්නවා මං හිතනේ එක 50 ක්වත් ඉන්නවා.
ඒ නිසා අපිට මොනදේ කරලාවත් ලං වෙන්න බෑ...."

" නවත්තගනින්.................!

වේගයෙන් බිම සිටි මිනිසා වෙත නැවත අසල තිබූ ලී පුටුව ගෙන පිටට පහර දුන්නේය...

" ආහ්................පිට මත වැදුණු පහරට මිනිසා වේදනාවෙන් කෑගසන්නට විය..

" උඹේ දන්න සේරම ශිල්ප දාලා හරි හෙට රෑ වෙද්දී ඌ මං ලග ඉන්න ඕනි... නැත්නම් තොපි ඔක්කොම මම රියන් හයක් යට වල දානවා. "

හුඩි එක පැලැදි මිනිසා නැවත මේසය උඩ තිබූ වීදුරුව ඈතට විසිකර කුඩු කර දැමුවේය...

"හැබැයි එකක්... ඌට සීරීමක්වත් වෙන්න බෑ... වුනොත් තොපේ සේරගෙම හම මම ගලවනවා..."

🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️

Kevin's POV.....
.
.
.
.
.
" අනේ මට ඉන්න දෙන්න සර්... යන්න දෙන්න ප්ලීස් මැඩම් .. මට රිදෙනවා... අනේව්... ආයි............එපා............අනේ............."

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now