11-අමුතු හීනවල නුඹ 🕷️

1.4K 221 36
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
නිතේෂ්ගේ රූම් එකේ කවුළුවෙන් පේන ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක දිහා බැලුවේ කෙවින් දිව්වේ ඒ පැත්තට කියලා ගාඩ් කෙනෙක් කිව්ව නිසයි..

නිතේෂ් දැක්කා කෙවින් දුවලා ගිහින් තණකොළ අතර පෙරලිලා අතින් ඇස් තද කරනවා.
නිතේෂ් කලබලයෙන් ඒ පැත්තට දිව්වා...

ලඟට ආවම දැක්කේ කෙවින් හැලහොල්මනක් නෑ කියලා..
නිතේෂ් ඉක්මනින් කෙවින්ව එයාගේ අත් දෙකට ගත්තා...

" කෙවින්.... කෙවින්... බබා........නැගිටින්න කෝ....!"
නිතේෂ් කොයිතරම් නැඟිට්ටුවත් කෙවින් ඇස් ඇරියෙවත් නෑ..
නිතේෂ් ඉක්මනින් එයාව අත් දෙකට අරන් ගේ පැත්තට දිව්වා..
මගින් ගාඩ් කෙනෙකුත් එයාලට එකතු උනා..

"යනවා ඉක්මනින් ඩොක්ටර්ට කෝල් කරනවා ඉක්මනින් එන්න කියලා..."

නිතේෂ් කෙවින්ව තමන්ගේ රූම් එකට අරන් ගිහින් ඇදෙන් පරිස්සමෙන් තියලා නාඩි බැලුවා..
ඒකේ ගැටලුවක් දැනුනේ නැති නිසා නිතේෂ් සුසුම් හෙළමින් ඩොක්ටර් එනකන් කෙවින්ගේ අතින් අල්ලගෙනම හිටියා.

" නැගිටින්න බබා...!"

නිතේෂ් හිමීට වතුර ටිකක් අරන් කෙවින්ගේ මූනේ තැවරුවා..
ඒත් ඒ නලල රැලි උනත් එයා ඇස් ඇරියේ නම් නෑ....

මද වේලාවකින් ඩොක්ටර් ආවා...

බොහෝ වේලා සිදුකරන ලද පරීක්ෂා කිරීමකට අනුව එයාගේ අවසන් නිගමනය උනේ අමුතු සිද්දි සමුදායක් එක පාරට මනසට ආපු නිසා ඒක දාරාගන්න බැරුව සිහිය නැති වූ බවයි..
මද විවේකයක් ලැබීමෙන් පසුව සිහිය ආවත් මනසට ලොකු බලපෑමක් කරන්න එපා කියලා නිතේෂ්ට උපදෙස් ලැබුනා..
නිතේෂ් දුක් වුනේ සේරම එයා නිසා සිදු වූ බව හිතමින් ය...
තමා කෙවින්ට අතීත මතක මතක් නොකලා නම් එලෙස සිදු නොවන බව හිතන්නට ගත් අතර නිතේෂ් නොහැඩූවත් ඇස් රතු වී තිබුණි...

නිතේෂ් කෙවින්ගේ අතින් අල්ලගෙනම පපුවට තුරුළු කරගෙන ඇදට උනා...

" මම ඔයාට පරණ දේවල් කිව්වේ නැත්නම් ඔයාට මුකුත් වෙන්නේ නෑ.. මගෙත් ඉවසීමක් නෑ.... "

නිතේෂ් මෙතෙක් පිට නොකළ කඳුළු අවසානයේ පිට කරන්නට විය..
.
.
.
.
.

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now