Gifts....

95 30 9
                                    


jjjighf නංගෝ..... ඔයාටයි යාලුවටයි ගොඩක් තෑන්ක්ස් ..❤️🍀🌼

මම මේකට පිළිතුරු කවියක් ලිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම මේකට පිළිතුරු කවියක් ලිව්වා..😁

ශ්වේත වර්ණ ඇතිරිලි මතින්
ඇඳි රත් පැහැ බිඳුවලට
විසල් දිවියම පිඬු කොටගත්
ලොව තුළ දිවි ගෙවන්නියනි...
           තැලුණු පොඩිවුණු කුසුමකටත්
           යලි පූදින්නට හැකිය
           මූලය වේනම් සවිමත්...

අඳ නීතියහි අඳුර දුරලන
ප්‍රදීපය දල්වන්න ඔබම
යම් මතු දිනෙක තවත් කුසුමන්
නිදහසේ පූදින්නට....

Lan_Kimra

මේකෙන් කියවෙන දේ ඔයාලට තේරෙන්න ඇති කියලා හිතෙනවා.

ජීවිතේ එක පාරක් වැරදුණාට ඔයා තාමත් ජීවත් වෙනවා නම්.. ඔයාට තව අවස්ථාවක් තියෙනවා. අන්න ඒක පාවිච්චි කරන්න ඔයාට වගේම අනාගතේ සමාජයට එන අයටත් මේක සුරක්ෂිත තැනක් කරන්න..




Poison Love ...

මගේ ශිප් එක.. 😁

ගොඩක් අය මෙඩූසට ආදරේ කරනවා මට ගොඩක් සතුටූයි..

මේ තව තෑග්ගක් මෙඩූසා වෙනුවෙන්

Snake_xd thank you sooo much darling  මේකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Snake_xd thank you sooo much darling  මේකට.. poison love  කියන්නේ මම ආසම පොතක්..❤️🍀🌼

මම ඒකටත් පිලිතුරු කවියක් ලිව්වා..

ලොව වේ සියලු වැරදීම්
ගැහැනිය යැයි කියනා..
රුවම සාපයක් කොට
ඇය මත යැපෙනා..
නමුදු..
කඳුළු විරහිත දෑස වුවද
කොහිදී කොතනකදි හෝ
ප්‍රේමය ලද්දා...
හද පතුලේ දෝංකාර දෙන
පවින් මුදවන අත්වැලක් වූ

Lan_kimra

මේක මෙඩූසට වගේම මේ සමාජයටත් අයිති..
කොච්චර කොහොම වුණත් හොඳ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ..
අපේ ජීවිත වලට හයියක් වෙන..
කාලය කොච්චර ගෙවිලා ගියත්... ටිකක් පහුවෙලා හරි ඒ දේ ලැබේවි
එතකන් ඉවසන්න.. බලෙන් ගන්න යන්න එපා..

ඉතින් ගොඩක් ස්තූතී ආයෙමත් මේ දේවල් වලට.. මට මේවා ගොඩක් වටිනවා..
ඒවා ගොඩක් ලස්සනයි ..ඒවගේම ඒවල ලොකු තේරුමක් තියෙනවා.

කෙටියෙන්ම කිව්වොත් මම ඒවට ආදරෙයි..





Lan_kimra 🍓

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now