ප්ලෙටොනික ආදරය

149 32 44
                                    

Feelings පොතේ තිබුණ ආදරය...

ප්ලෙටොනික ආදරේ……… 🖤

    මේ කියන්න යන්නෙ යාලුකමට එහා ගිය,ආදරේට මෙහා නැවතුණ හැඟීමක් ගැන..  ප්ලෙටෝනික ආදරේ, නම වගේම ඒ බැඳීම ඇතුලෙ අමුතුම දෙයක් ගැබ්වෙලා තියනවා.

  ' ප්ලෙටෝනික ' කියන නම එන්නෙ ' ප්ලේටෝ ' කියන ග්‍රීක දාර්ශනිකයා නිසයි.හැම වස්තුවක් සඳහාම සර්වසම වස්තුවක් ලෝකයෙ තියනවා කියපු හේතුව නිසා ඒ නම එන්න ඇති මේ ආදරේටත්.. කෙටියෙන් කිව්වොතින් අපි පරිපූර්ණ මිනිස්සු නෙවෙයි,අඩුපාඩු තියනවා.ප්ලේටො කියන විදිහට අපෙ අඩුපාඩු වහගන්න පුලුවන් අපිට ගැලපෙන අපේම සර්වසම කොපියක් මේ විශ්වයෙ පවතිනවා.ඒක හොයාගන්න පුලුවන් උනොත් අපි සම්පූර්ණ වෙනවා.
ප්ලෙටෝනික ආදරේ ලැබුනමත් එහෙමයි .. !

    මේ ආදරෙ මුලින්ම පටන්ගන්නෙ නැහැනෙ.ඉතිං අහම්බෙකින් හමුවෙලා යාලුවෙක් වෙන්න පුළුවන්.. ජීවිතේ එකඑක කාලවලදි යාලුවො වගේම හොඳම යාලුවොත් හතරක් පහක් මුණගැහෙනවා. ඒත් ජීවිත කාලෙ පුරාවටම ඒ හොඳම යාලුවන්ගෙ list එකෙත් උඩින්ම ඉන්නෙ මේ ප්ලෙටෝනික ආදරේ අයිතිකාරයා 🖤 යාලුවෙක් උනත් ඊටවඩා දැනෙන්න ගන්නවා,ආදරේ කරන්න වෙනම කෙනෙක් හිටියත් ඒ තරම්ම ආදරේ දැනෙන්න ගන්නවා.කිසිම වැරදි හැඟීමක් නැතුවම ඒක එහෙම වෙනවා... !

    හරියටම තමන්ගෙ හිතෙන්,මනසෙන්,ජීවිතෙන්,ආත්මෙන්ම කොටසක් වගේ.. ඒකපාර්ශ්වික ආදරයක්වගෙ නෙවෙයි, දෙන්නටම දැනෙනවා, හැඟෙනවා.. මහාලොකු දේවල් නෙවෙ,පුංචි පුංචි දේවල් දෙන්නගෙම හිතන පතන විදිහ සමානයි,පුංචි පුංචි පුදුම වීම් තියනවා.දෙන්නටම එකම හිතුනෙ කොහොමද කියලා බලනවා.. පැය ගණන් ඔහේ කියවද්දි දන්නෙම නැතුව හිනාවෙලාම ඉන්නවා.තරහවෙන රන්ඩු වෙන තැන් නැති තරම්.. ආදරේ කරන කෙනයි මේ කෙනයි පැටලෙන්න හේතු හැදෙන්නැ හිත ඇතුලෙන් නම්.. ඒක වෙනම දැනෙනවා..

    මේ ප්ලෙටෝනික ආදරේ වෙන කාට හරි ආදරේ කරන එක ප්‍රශ්නයක් වෙන්නෙ නැ.උදව්කරනවා මිසක.. තමන්ගෙම ජීවිතේට කාවැදුණ දෙයක්,හරියට තමන්ම වගේ වෙනකෙනෙක්ගෙ උනා කියලා තමන්ටම බයක් දැනෙන්නැහැනෙ ..? අන්න ඒ වගෙ.. අයිතිවාසිකම් කියන්නැහැ..මොකද , මේ ප්ලෙටෝනික ආදරේ තමන්ගෙම දෙයක් කියල දැනෙන නිසාම.. රාගයෙක් තොර ප්‍රේමයක් තියෙන්නෙම මෙහෙම තැන්වල.. 🖤

    මේ කියපු කිසිම දෙයක් නොතේරුනානම් ඒකටයි මේ පින්තූරය.
ශාරුක් - කාජල් , මේ ආදරවන්තයොවත්,අඹු සැමි යුවළක්වත් නෙවෙයි, ඒත් පිට ඉදන් බලන කෙනෙක්ට යාලුවො විතරමද කියල විශ්වාස කරන්න බැරිතරමේ ආදරයක්,ගෞරවයක් දීපු ඒතරම් දැනෙන හැඟෙන බැඳීමක්.. මම දන්න ලෝකප්‍රසිද්ධ ප්ලෙටෝනික ආදරේ මේ 🖤 අයිතියක් නැහැ.ඒත් කාජල් ශාරුක්ගෙ,ශාරුක් කාජල්ගෙ වගෙ.. නිකමට බලන්න ෆොටෝස් ටිකක් අරන්..හරි පරිස්සමට අනිත්කෙනාව බලාගන්න හැටි,ආදරේ කරන හැටි,දැනෙන හැටි,පොඩි පොඩි සප්‍රයිසස්..
මේ ආදරේ එහෙමයි..

    හොඳ යාලුවෙක් ලැබෙන්න බුදුදහමෙ හැටියටත් පින් කරලා තියෙන්න ඕන.
ඇත්තටම මෙහෙම ප්ලෙටෝනික ආදරයක් ලැබෙන්න වාසනාවත් ඕන..

ඉතින් ආදරෙයි 🖤
(උපුටා ගැනීමකි )

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now