මම මේ ලඟදි දවසක අම්මට ලඳුනේ කියවන්න දුන්නා.
පොඩි බයකින් දුන්නේ මොකද මේකේ කන්සෙප්ට් එක නිසා.
ටිකක් වෙලා ගියා අම්මගෙන් සද්දයක් නෑ. මට හිතුණා හරි නැද්දෝ කියලවත්..
"අම්මේ..කතාව කැතද ? "
"මේක ළමයෙක් ලිව්වා වගේ නෙමෙයි නේ "
අපේ අම්මා over sensitive කෙනෙක්. අම්මට ගොඩක් දුක හිතෙනවා මිනිස්සුන්ට කරදර වෙද්දි. ඉතින් අම්මා ඒ කන්සෙප්ට් එකට එච්චර කැමති වුණේ නැහැ..
"භාෂා භාවිතය , ලියපු විදි ,උපමා ඔක්කොම හොඳයි.. ඒත් ඇයි ඔයා මෙහෙම එකක් ලිව්වේ.. මම කැමති නෑ මිනිස්සුන්ගේ දුක ගැන ලියනවට ...වෙන මොනවා හරි ලියන්න තිබ්බනේ"
"මට ඔය අදහස ආවේ වැරදිකාර ළඳුනේ අහද්දි අම්මේ. ඉතින් ඒක අහද්දි එන්නේ ඔය වගේ ඒවනේ. 😥 "
"මම දාන්නේ නැතුව ඇය දාලා ලියන්න ඒනම්. මේක කියවද්දි මට දැනෙන්නේ මට වුණා වගේ.. දුක හිතෙනවා ගොඩක් "
එහෙම දුක දැනෙන එක තමා මගේ ටාගට් එක අම්මේ.. 😁
"පණ්ඩිත ආච්චි "
අම්මේ මේක පත්තරේකට දාමුද ?
"එපා ඇස් වහ කටවහ වැදේවි.."
මම : 🙂👍 නයිස්..
මගේ පරම ආසාවට තිත වැටුණේ ඔන්න ඔහොමයි. අම්මා කියනවා තව කල් ඉවසන්නලු. මට බෑ..............මම මේක ලිව්වේ ගිය අවුරුද්දේ ..ළමයෙක් විදියට මට මේක පත්තරේකට යවන්න ඕනේ...ඉහි ඉහි.
කොහොම හරි අම්මා කතාවට ආසයි... දැන් මම ටැබ් එක අතට ගනිද්දි අම්මා අහන්නේ
"ඇයි තව පොතක් ලියනවද ? මොකො ඔයාගේ පොත කියවනවද ?"
අසරණ මම : අම්මේ මම ඒක කටපාඩම් කරන්නේ නෑ. 🙂✋
නිමි..හී
YOU ARE READING
Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZ
RandomNot a Story Book Just For My Kims › 〉 🌼.ೃ [welcome to our World ] ' 🥛„ ↴ ⏤ ⏤ ✎ .ೃ [Hi Kims] ↴ ╭─ 🍔,, ⟶ .·. ⊹. ,(^‿^✿) ° . ╰────── ─ ─╮ __________________ ׂׂGift from My kims ┊ ⋆ ┊ . ┊ ┊ Announcement...