Study Motivation පොත කියන්නේ මොකක්ද ?

107 27 9
                                    

ඔන්න announcement එකට හොඳ රිවීව්ස් ආපු නිසා මම මේක කරන්න තීරණය කරා. ඒක කරන්න කලින් මම ඔයාලට මේ වැඩේ පැහැදිලි කරන්නම්.

මොකද මේක මම තනියම කරන වැඩක් නෙමෙයි.. ඔයාලාත් මේකේ ලියනවා.

මේක හරියට FB page එකක් වගේ .admin මම 😌😂

ඇයි මම තනියම නොලියා ඔයාලටත් ලියන්නඑන්න කියන්නේ ?
 
     මේකනේ..මගේ මෙතඩ් එක මෙතන ඉන්න හැමෝටම හරියනඑකක් නෑ. හැබැයි මෙතන ඉන්න කාගෙහරි මෙතඩ් එකක් වෙන කාට හරි හරියටම ගැලපෙන්න පුළුවන්. අන්න ඒක නිසයි මම ඔයාලට කිව්වේ මේක අපි හැමෝම ලියන එකක් කියලා.

කොහොමද මේක ලියවෙන්නේ ?

මුලින්ම උදාහරණයක් විදියට මම post එකක් දාන්නම්. ඊට පස්සේ ඔයාලට ඔයාලා පාඩම් කරන හැටි , ටයිම් මැනේජ්මන්ට්ස් , ෆෝන් එකෙන් ඈත් වෙන හැටි , එහෙම නැත්තම් පොඩි පොඩි මෝටිවේශනල් වාක්‍ය වගේ දේවල් මේකේ පල කරන්න එවන්න පුළුවන් .. මොකද මෝටිවේශන් එකක් නැති කෙනෙක්ට ඒ වචන ගොඩක් වටිනවා..!

එතකොට මගේ මෙතඩ් එක හරි නොගිය කෙනෙක්ට තව කෙනෙක්ගේ මෙතඩ් එකක් ට්‍රයි කරලා බලන්න පුළුවන් ..හොඳයි නේද මේ වැඩේ..

අපි වෙන අයගේ අත්දැකීම්වලිනුත් ඉගෙන ගෙන බලමු..

තව ඔයාලට පුළුවන් ඔයාලට පාඩම් කරද්දි ඇතිවෙන ප්‍රශ්න, ඒකියන්නේ අවධානය තියාගෙන ඉන්න බෑ , ෆෝන් එක බැලෙනවා.. මේවගේ දේවල් මේකට කියන්න. එතකොට ඒක මම chapter එකක් විදියට දානවා.. අනිත් අය එකතුවෙලා කමෙන්ට් සෙක්ශන් එකේදි උදව්කරගමු.

මේක හැම තැනම තියෙන motivation පොතක් නෙමෙයි .මේක වෙනස් විදියකටයි මට කරන්න ඕනේ. මොකද මගේ මෙතඩ් එකට ඔයාලට වැඩ කරන්න බැරි වුණොත් වැඩක් නෑනේ නේද ?

ඉතින් ඔයාලට ඔයාලගේ post මගේ telegram එකට එවන්න පුළුවන් .whatsapp ඉන්න අය whatsapp දාන්න. ටෙලිග්‍රෑම් නැති අයට email කරන්න පුළුවන් .

Telegram : @VBora_1
Email       : navithakaviru@gmail.com

ඔයාලගේ පෝස්ට් ඔයාට ඔයාලගේ username එක යටතේ පල කරන්න පුළුවන් ..නැත්තම් වෙනම අන්වර්ථ නමක් හදාගෙන දාන්නත් පුළුවන් හරිද.. ජොලි නේ එහෙම 🌝

ඉතින් ඔයාලා එවන්න හරිද නැත්තම් මම පව් නේ.. ඔයාලගේ ප්‍රශ්න මේකෙදි කතා කරන්න බය වෙන්න එපා. මොකද මෙතන ඉන්නේ ඉගෙන ගන්න, ඔය වගේම  ප්‍රශ්නවලට මුහුණ දෙන අයනේ. නැත්තම් මට ඉන්බොක්ස් කියන්න.
අපි අනිත් අයට උදව් කරන ගමන් අනිත් අයගෙනුත් උදව් අරන් ගොඩ යමු..

ඒනම් අපි මේකට නමක් දාමු..

ඔයාලා හොඳ ඒවා කියාගෙන යන්නකෝ..හොඳ එකක් මම තෝරන්නම්

අදහස් කියන්න අමතක කරන්න එපා

You've reached the end of published parts.

⏰ Last updated: May 31, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now