Guess the meaning

106 32 9
                                    

මගේ description එකේ තියෙන නිසඳැස

හුරුපුරුදු උණුහුමට
ආගන්තුක සිහිලසක්
කුමටද...!?
සීත සමයේ
නූපන් චෙරි මල්
වසත් සමයේ
පූදින තුරු
බලාසිටිමි...

මේකට එක එක විදියේ තේරුම් තියෙන්න පුලුවන් ..
ඔයාලට හිතෙන විදියට තේරුම කියන්නකෝ.

හවසට මම මේකටම තේරුම අප්ඩේට් කරන්නම් මගේ තේරුමට සමාන තේරුම් දීපු අයගේ නම් එක්කම.

( පමියෝ ඔයා එවපු එක මම කියෙව්වා. )

ඒනම් කියන්න.
මම යනෝ
ටටා

Lan_Kimra



හායි...ආයේ මම ආවා තේරුම එක්ක.

මුලින්ම තේරුම් එවපු අයට ගොඩක් ස්තූතී ..☺️❤️

මේකට ගොඩක් තේරුම් තියෙනවා. මම මේක ලියද්දි හිතේ තිබුණ තේරුම ඔයාලට කියන්නම්.
ඊට කලින් මෙතන කමෙන්ට්ස් වල නැති මැසේජ් බෝඩ් එකේ තියෙන ඔයාලගේ තේරුම් ටික මම මෙතන දාන්නම්

ඊට කලින් මෙතන කමෙන්ට්ස් වල නැති මැසේජ් බෝඩ් එකේ තියෙන ඔයාලගේ තේරුම් ටික මම මෙතන දාන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔන්න මගේ පැහැදිලි කිරීම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔන්න මගේ පැහැදිලි කිරීම

හුරුපුරුදු උණුහුමට
ආගන්තුක සිහිලසක්
කුමටද...!?
සීත සමයේ
නූපන් චෙරි මල්
වසත් සමයේ
පූදින තුරු
බලාසිටිමි...

නිසඳැසේ මූලික තේරුම " සුදුසු දේ සුදුසු කාලයේදි කරන්න " කියන එක. ඒක පැහැදිලි කරන්න ගත්ත උදාහරණයෙන් තමයි මම මේක ලිව්වේ.

හුරුපුරුදු උණුහුම
ඒ කිව්වේ අපිට පුංචි කාලේ ඉඳලා හුරුපුරුදු ..අපි දන්නේ අපේ අම්මා තාත්තගේ ආදරය නේද..?

ආගන්තුක සිහිලසක්
කුමටද...!?
ඒ ආදරය මැදට නොදන්න මනුස්සයෙක්ගෙන් ලැබෙන ආදරය මොකටද..? ඒක අපිට ආගන්තුකයි.

සීත සමයේ
නූපන් චෙරි මල්
වසත් සමයේ
පූදින තුරු
බලාසිටිමි...

චෙරි මල් ශීත සෘතුවෙදි පිපෙන්නේ නැහැනේ. මොකද ඒකට හරි කාලයක් තියෙනවා.
ඒවගේම කවදාහරි හරි කාලය එනකන් නොදන්න සීතලට ගුලි නොවී දන්න උණුහුමට ලන් වෙනවා.

මෙතන බහුතරය පාසල් යන අයනේ තාමත්. මම මේ උදාහරණය ගත්තේ මාත් තාම ස්කෝලේ යන ළමයෙක් නිසා.
ආදර හැඟීම් ඇති වෙනවා තමයි. ඒත් අපිට දැන්ම ඒවා ඕනේ නැහැනේද..? අපිට හරි කාලය්ක් තියෙනවා ඒවට. එතකන් ඉවසන්න.

පස්සේ කරන්න ඕනේ ඒවා කලින් කරාම හැම තැනකදිම ඇති වෙන්නේ ප්‍රශ්න විතරයි . ඒකයි හැම දේකටම හරි කාලයක් දීලා තියෙන්නේ. ඒනිසා හරි කාලෙදි හරි දේ කරමු.

ඉතින් Weiyexiao තමයි ලඟින්ම යන තේරුම දුන්නේ..මම හිතාගත්ත තේරුමට.

ඊට පස්සේ කලින් ප්‍රේමය වගේම පරණ ප්‍රේමය..
ඒකත් ගන්න පුලුවන් ..මම කිව්වනේ තේරුම් ගොඩක් තියෙනවා කියලා .
ගොඩක් අය නැති වුණ ප්‍රේමය ගැන තැවි තැවි ඉන්නවා. ආදරේ කරන්න ඔයාට ආදරේ කරන කෙනෙක්ට . ඔයා විතරක් ආදරේ කරලා වැඩක් නැහැනේ..
ඔයාලා දීපු තේරුම මේකට ගැලපුවොත්

කලින් නැති වුණ ආදරය ගැන තැවෙන්නේ නැතිව
ආයෙමත් ආදරය කරන්න පටන් ගෙන
කවදාහරි සතුටක් ලැබේවි කියලා බලාගෙන ඉන්න. හැබැයි අවිනිශ්චිතයි ... මොකද වසන්තයකට පස්සේ ආයේ සීත කාලයක් එනවා..

( මගේ පැහැදිලි කිරීම අන්දබූතයි වගේ නේ...ඔව් ඉතින් ජීවිතේට විරුද්ධ පාර්ෂවයේ කෙනෙක්ට ලව් නොකරපු මනුස්සයෙක් ආදරේ ගැන පඬි ටෝක් දෙන්න ගියාම ඕමයි. මම කරපු තරමක් කරේ කපල් කඩපු එකනේ..😂😭🙏 )

ඊට පස්සේ අනිත් එක..
තමන්ට ආදරේ කරන්න කෙනෙක් ඉන්න කොට මොකටද තව තුන් වෙනියෙක්...?
දැනට දුක් විඳිනවා වෙන්න පුලුවන් ..ඒත් කවදාහරි සතුටක් ලැබේවි දෙන්නාට දෙනන හදවතට එකඟව හිටියොත්.


අනිත් එක මේකේ කමෙන්ට් එකක් විදියට ඇති..ඒකේ මූලික තේරුමත්
මම කියපු එක තමයි..සුදුසු කාලේ එනකන් ඉන්න සුදුසු කෙනා හම්බවෙනකන්.


ඒනම් ටටා බායි බායී

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now