1. අංක 4, ගුවංන්ග් මින්ග් වීදිය

371 36 18
                                    

චන්ද්‍ර දිනදර්ශකයේ හත්වන මස 15 දින අඳුරු අහසකින් යුත් දිනයක් විය.

ලොකු කුඩා නිශාචර සතුන් සියලු දෙනා උන්ගේ නවාතැන් පොළවලට පැමිණ සිටියහ. ඉඳහිට පඳුරු තුළින් නැගුණු කෘමීන්ගේ නාදයන් හැරුණුකොට ලොන්ග් චෙන්ග් හි (Long Cheng - Dragon City) විශාලතම වීදියේ පවා පැවතියේ අයෙකු තිගැස්මට ලක් කිරීමට සමත් වන අන්දමේ ගැඹුරු නිහැඬියාවකි.

ඒ වන විට පාන්දර 2.30ට පමණය. හිමිදිරියේ පින්නෙන් බරවුණු වාතය තෙතබරිත විය.

එය හුදෙක් සුළඟ පමණක්ම විය හැකි වුවද, වීදියේ සෑම කොනකම අඳුරු සෙවණැල්ලක් සැඟවී තිබුණි.  වීදිය ඔස්සේ ගමන් කරනා අයෙකුට හැඟුණේ යම් කිසිවක් පිටුපසින් සිට  තමා දෙස බලා සිටින බවයි.

මේ වන විට ගුවෝ චංචෙංග් (Guo Changcheng) සිටියේ ගුවංන්ග් මින්ග් වීදියේ (Guangming Road) අංක 4 දරණ ස්ථානයට සිය පත්වීම් ලිපිය රැගෙන යමිනි.

ගුවෝගේ දෙමාපියන් ඔහු කුඩා කලදීම මෙලොව හැරගියහ. ඔහු සාමන්‍ය පෙනුමකින් යුත්, සමාජශීලී නොවන, බියගුළු ගති පැවතුම් සහිත අයෙකි. ඔහු කිසිම දෙයකට දක්ශතාවක් දැක්වූ අයෙකු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. වාසනාවකට මෙන් ඔහුගේ නැන්දනියන් දෙදෙනා ඔහුට හොඳින් සැලකූ අතර ඔහු විශ්ව විද්‍යාලයෙන් නික්මෙන තුරුම ඔහුව රැකබලාගත්හ. එසේ වුවද ගුවෝ ඔවුන්ගේ කිසිදු බලාපොරොත්තුවක් සඵල කිරීමට සමත් නොවීය.

එතරම් උසස් පිළිගැනීමක් නොතිබූ, සාමාන්‍ය තත්වයේ විශ්ව විද්‍යාලයකින් යාන්තමට සමත් වීමට ඔහුට බොහෝ වෙහෙසක් දැරීමට සිදුවිය. ඔහු මේ වනවිට වැඩිහිටියෙකු වුවද ආගන්තුකයන් හමුවූ විට බියට පත්වී ගොතගැසීමට පටන් ගන්නේය.

සෑමදෙනාම සිතූ පරිද්දෙන්ම ගුවෝහට රැකියාවක් සොයාගැනීමට නොහැකි විය. උපාධිය ලබාගත් ඔහු අවුරුද්දක් පමණ නිවසටවී නිකරුණේ කාලය ගත කළේය.

අවසානයේදී ඔහුගේ මාමාට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය වෙත මාරුවක් ලැබුණු පසු, ඔහු තම තනතුර යොදාගෙන ඔහුගේ කමකට නැති බෑණාට රැකියාවක් ලබා දුන්නේය.

තම ජීවිත කාලය පුරාවටම උදෑසන නවයේ සිට සවස පහ දක්වා නිළ ඇඳුමකින් සැරසී, වැදගත් පුද්ගලයන් වෙනුවෙන් තේපැන් පිලියෙළ කිරීමටත්, විවේකී වෙලාවන්වලට කාඩ් සෙල්ලම් කිරීමටත් තමාට හැකිවනු ඇතැයි ගුවෝ සිතා සිටියේ මේ නිසාය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now