14. පුනරුත්පත්තිය දහතුන්වන කොටස

54 20 2
                                    

නමුත් ගුවෝ ආපසු හැරීමට තරම් නිර්භීත වූයේ නැත. ඔහු කුඩා කළ සිටම ආච්චි අම්මා සමඟ ජීවත් වූ නිසා, විවිධ මිත්‍යා විශ්වාස පිළිබඳව ඔහු හොඳින් දැන සිටියේය. "ඔබ රාත්‍රියේ ඇවිදින විට ආපසු හැරෙන්න එපා. එසේ කළහොත් අවතාර ඔබව අල්ලා ගනීවි." යනු ඉන් එකකි.

ගුවෝ ඒ පිළිබඳව නොසිතා සිටීමට කෙතරම් උත්සහ ගත්තද, ඔහු කාමරයේ සිදුවූ දෙය පිළිබඳව සිතමින් සිටියේය. එය ක්‍රමයෙන් ඔවුන් වෙත ළඟාවන බව ඔහුට නොසිතා සිටිය නොහැකිවිය. එම රෞද්‍ර රාක්ෂයා, ඔහු පිටුපස හැරෙනවාද නැද්ද යන්න පිළිබඳව තැකීමක් කරන්නේ නැත. ඌට දෑත් වෙනුවට තිබුණේ සුවිසල් දෑකැතිය. ඒවායේ පහරකින් අඩක් හෝ වැදුණහොත් තමා ජීවත් නොවනා බව ගුවෝට නිසැකය.

ඉන් අනතුරුව ගුවෝගේ සුවිශේෂී පරිකල්පන ශක්තිය ඔහුගේ මනස තුළ හොල්මන් කළේය. උදරය කපා හිස් කර දමන ලද මෘත ශරීරයේ ඡායාරූප පිළිබඳව ඔහු සිතන්නට පටන්ගත්තේය...

ආපසු හැරෙනවාද... නැද්ද... ආපසු හැරෙනවාද... නැද්ද...

මෙම දෙගිඩියාව ගුවෝගේ සිතට වද දුන්නේය. ඔහු පය ඉක්මන් කර ඉදිරියට ගමන් කරනා විටද, ඔහුගේ මුළු සිරුරම දහඩියෙන් පෙඟී තිබුණි.

තවත් වේගයෙන් දිවගිය ඔහු ශෙන් වෙත ළඟා විය.

මේ වනවිට ආරක්ෂිතම ස්ථානය වන්නේ දා චිංග් හා මහාචාර්ය ශෙන් අතරමැද බව ගුවෝ වටහාගෙන සිටියේය: අවසානයටම ගමන්ගන්නා තැනැත්තා වීමට ඔහුට කිසිසේත්ම අවැසි නැත.

එක්වරම ශෙන් නැවතුණේය; කෙමෙන් සිහිය ලැබූ ලී චියෑන් සෙලවීමට පටන්ගත් බැවින් ශෙන් ඇගේ සිරුර නොවැටෙනසේ සකස් කළේය.

පුදුමයකට මෙන්, ගුවෝ, දා චිංග් හා මහාචාර්ය ශෙන් අතරින් සිට ගැනීමට ඉදිරියට ගමන් කළේ නැත. ඒ වෙනුවට ඔහු මහාචාර්යවරයා පිටුපසින් සිටියේය.

ඔහු අඩක් ආපසු හැරී වටපිට පරීක්ෂා කළේය.

එක්වරම ඔහුට යමක් සිහිවිය. "මම පොලිස් නිළධාරියෙක්."

"මම පොලිස් නිළධාරියෙක්. මම පොලිස් නිළධාරියෙක්. මම පොලිස් නිළධාරියෙක්..." ඔහු තමාටම කියාගත්තේ ඉන් ඔහුට දිරිය ලැබෙන්නාක් මෙනි.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now