22. සොබාදමේ ස්ථම්භය දෙවන කොටස

52 17 3
                                    

ඇතැම්විට මෙම සිසිරයේ ලොන්ග් චෙන්ග්හි සීතල වෙනදාටත් වඩා අධික වූවා විය යුතුය; වෘක්ෂයන්හි පත්‍ර සියල්ලම කහ පැහැයට හැරීමටත් පෙරම බිම පතිත විය. කිසිදු කාර්යයක් කිරීමට උනන්දුවක් නොදක්වන බව පෙන්වූ චාඕ අලසකමින් කල් ගෙව්වේය. ඉඳහිට මහාචාර්යවරයාට කරදර කිරීම හා රාජකාරී හමුවීම් කිහිපයක් හැරුණු කොට, එහි කිරීමට එතරම් දෙයක් නොතිබූ නිසා, ඔහු වැඩිමනක් සිදු කළේ නිවසට වී කාලය කා දැමීමයි.

ඔහු කුඩා කළදීම දෙමාපියන්ගෙන් වෙන්වූ චාඕ නගර මධ්‍යයෙන් නිවසක් මිලට ගත්තේය. බොහෝ කාලයක් ඔහු ජීවත් වුණේ අනෙකුත් තනිකඩ පිරිමින් ලෙසටමය: අපිළිවෙළ හා වගකීම් විරහිතව; සූකරයෙකුටත් වඩා අපිරිසිදුවටය .

දා චිංග් නිතරම සිතන්නේ මෙම පරම්පරාවේ ගාර්ඩියන්වරයා සැබවින්ම අමාරුකාරයෙකු බවයි. ඔහු ගාර්ඩියන් ආඥාව පවා රජයේ දෙපාර්තමේන්තුවක් බවට වෙනස් කළ අතර, එයට "විශේෂ පරීක්ෂණ ආයතනය" ලෙස නමක්ද තැබුවේය. ඔහු හැකියාව හා සබඳතා රාශියක් ඇති අයෙක් බව සැබෑය; ඔබට ඔහු සුපරීක්ෂාකාරී, බුද්ධිමත් හා සෘජු තීරණ ගන්නා අයෙකු බව කිව හැක, නමුත් දා චිංග්ට දැනෙන්නේ තරමක අනාරක්ෂිත බවකි.

දිනෙක චාඕ ඔහුගේ රැකියාවෙන් ඉවත්වී, මුළුමනින්ම වැදගැම්මකට නැති සෙල්ලක්කාරයෙකු වේයැයි කළු බළලා වද වුණේය.

නමුත් දා චිංග් වසර දහසක් පමණ වයස්ගත වුවත්, ඌ තවත් එක් බළලෙක් පමණි; රාජකාරියෙන් පිටත චාඕගේ දිවිය බළලා සිතූ තරම් උද්යෝගීමත් නැත.

බොහෝ දුරට චාඕ කාර්යබහුල නගරවාසීන් අතර සුලභව දක්නට හැකිවූ, සාම්ප්‍රදායික "රාජකාරියෙන් පිටත නිහැඬියාව" යන රෝග ලක්ෂණයෙන් පෙළෙන්නෙකු විය හැක. ඔහුගේ දිවියේ බොහෝ කාලයක් ඔහු ගත කළේ තනිකඩයෙකු ලෙසය; ඒ අඩක් ඔහුගේ අසාමාන්‍ය රැකියාව නිසාත්, අඩක් ඔහුගේ චරිතය නිසාත්ය. ඔහු පිටතින් දැඩි ආත්ම විශ්වාසයක් සහිත වාචාලයෙකු සේ පෙනුණද, ඔහුගේ සැබෑ ස්වරූපය සියල්ලෙන් වෙන්වූ සමාජශීලී නොවන අයෙකි; ඔබ ඔහුට ආමන්ත්‍රණය නොකළහොත්, මුහුණේ කිසිදු හැඟීමක් නොමැතිව මුළු රැයක් පුරාවට නිහඬව සිටීමට ඔහුට හැකිය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now