7. පුනරුත්පත්තිය හයවන කොටස

71 21 1
                                    

ශෙන් වෙයිව විශ්වාස කළ චාඕ වහලයේ ගැට්ට අතහැරියේ, ඔහු තට්ටු දහ අටක් ඉහළින් නොව, පොළොවේ සිට අඩි කිහිපයක් දුරින් එල්ලෙමින් සිටින්නාක් මෙනි.

සියුමැලි පෙනුමක් තිබුණද, මහාචාර්යවරයා ඉතාමත් ශක්තිමත් අයෙකු විය.

ශෙන් වෙයි දැඩි පරිශ්‍රමක් දරා ඔහුව උඩට ඇද ගන්නා විට, චාඕ යුන්ලාන්ගේ මැණික්කටු පණ නැතිවී ඔහුගේ දෑත් දම් පැහැයට හැරී තිබුණි.

චාඕ යුන්ලාන් ශෙන් වෙයිගේ දෑතට මැදිවී දෙදෙනාම නැවත වහලය මතට වැටුණි.

මහාචාර්යවරයාට තම සිරුරේ බර නොදැනීමට චාඕ බිමට අත තැබුවද, ඔහු දුටුවේ සිය මැණික්කටු තුවාල වී ඇති බවයි. ඔහුගේ ආරක්ෂාව පිළිබඳව බියවූ ශෙන් වෙයි, ඔහුව තදින් තුරුලු කරගෙන සිටියේය.

කෙසේ වුවත්, මහාචාර්ය ශෙන් ඉක්මනින්ම යථා තත්ත්වයට පත් විය. චාඕ සිය සිරුර ඉහළට තල්ලු කළ විට, ඔහු සිය දෑත් ලිහිල් කර චාඕව අත්හැරියේ, සිය උපැස් යුවල නුහුරු ලෙස නාසයේ ඉහළට තල්ලු කරමිනි.

ඉතා සුපරීක්ෂාකාරී අයෙකු වූ චාඕ යුන්ලාන්, ශෙන්ගේ හැසිරීම තුලින් දුටුවේ, ඔහු තමා තුළ වූ හැඟීම් පාලනය කර ගැනීමට උත්සාහ දරන බවයි. නමුත් ඔහු එය වෙනත් කෙනෙකුට පෙන්වීමට සූදානම් නැත.

නැවත දෙපයින් සිටගත් චාඕ යුන්ලාන්, ටිෂූ කඩදාසි පැකට්ටුවක් පිටතට ගෙන, කිසිවක් සිදු නොවුණු ලෙසට සිරුරේ වූ කුණු, දූවිලි හා රුධිරය පිස දමන්නට විය. "හොඳ වෙලාවට ඔයා ආවේ. එහෙම නැත්නම් මාව මස් තලපයක් වෙනවා."

තවමත් කම්පනයෙන් මිදී නොසිටි ශෙන් වෙයි ඊට පිළිතුරු දුන්නේ නැත.

"එතකොට ඔයා, මොකද ඔයාට වෙලා තියෙන්නේ?" චාඕ යුන්ලාන්, ශෙන් වෙයිට කම්පනයෙන් මිදීමට අවස්ථාවක් දෙමින් තරුණිය වෙත හැරී බැන වදින්නට විය. "කොල්ලා තරහ වුණාද? නැත්නම් ගුරුවරයෙක්ගෙන් බැනුම් ඇහුවද? ඒත් නැත්නම් විභාගයක් අසමත් වුණාද? දැන් කාලේ ඉන්න ළමයි නම්, ඉගෙනගන්න වියදම් කරන්න සල්ලි තියෙන නිසා හිතන් ඉන්නේ ඔයාලට හිතෙන හිතෙන දේවල් කරන්න පුළුවන් කියලාද? මොකද, කරන්න වෙන වැඩක් නැති නිසා මෙතනින් පැන්නම මොකද වෙන්නේ කියලා බලන්න හිතුනාද?"

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now