10. පුනරුත්පත්තිය නවවන කොටස

73 20 9
                                    

මහාචාර්ය ශෙන් චාඕ යුන්ලාන්ගේ අතට බෙහෙත් බෝතලය දුන්නේය. "ඔයාට බෙහෙත් ගන්න අමතක වුණා."

නළල රැලිගන්වමින් ඔහු චාඕ යුන්ලාන්ගේ වැලමිටේ වූ තුවාලය දෙස බැලුවේය. "ඕක පරිස්සම් කරගන්න. තුවාලේ තෙමන්න එපා. ඒවගේම උෂ්ණ දේවල් කන්න එපා..."

චාඕ යුන්ලාන් නිහඬවම ඔහු දෙස බලා සිටියේය.

"මොකද?" තරමක් අපහසුතාවට පත් ශෙන් වෙයි ප්‍රශ්න කළේය.

"ඔයා විවාහ වෙලාද ඉන්නේ, මහාචාර්ය ශෙන්?" චාඕ යුන්ලාන් එක්වරම විමසුවේය.

තිගැස්සුණු ශෙන් වෙයි, සෙමෙන් පිළිතුරු දුන්නේය. "නැහැ..."

"ඕහ්." චාඕ යුන්ලාන් දිගටම කතා කළේය. "ඔයාට පෙම්වතියක් ඉන්නවද?"

චාඕ යුන්ලාන්ගේ සරාගී බැල්ම ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා දිවගියේ, ශෙන් වෙයිව වෙව්ලවමිනි. ශෙන් වෙයිට හැඟුණේ, පිළිතුර කුමක්වුවත් තමා කරදරයේ වැටෙනා බවයි. ශෙන් වෙයිගෙන් බෙහෙත් බෝතලය ගත් චාඕ යුන්ලාන්, අඩක් සරදම් කරනා ස්වරයෙන් මෙසේ පැවසීය.

"මහාචාර්ය ශෙන් හුඟක් තරුණයි, කඩවසම්. ඒ වගේම බොහොම දයාවන්තයි. ඔයාගේ වෙන්න හුඟක් අය පොරකනවා ඇති."

"විකාර..." ශෙන් වෙයි ආතතියට පත්වී ඇත.

චාඕ යුන්ලාන් සිනාසෙනවිට ඔහුගේ දෙකොපුල් වලගැසුණි. "ඒක නෙමේ, මට පොඩ්ඩකට ඔයාගේ දුරකථනය පාවිච්චි කරන්න පුළුවන්ද?"

ශෙන් වෙයි දුරකථනය පිටතට ගත් නමුත්, චාඕ යුන්ලාන් එය සියතට ගත්තේ නැත. ඒ වෙනුවට ශෙන් වෙයිගේ අතින් අල්ලාගත් ඔහු, තමාගේ නම හා දුරකථන අංකය එයට ඇතුළු කළේය. ඉන්පසු තම දුරකථනයට ඉන් ඇමතුමක් ගත් ඔහු, ඇමතුම විසන්ධි කළේය.

"ඔයාට මට කතා කරන්න පුළුවන්." රාජකාරීමය පෙනුමක් ආරූඪ කරගත් චාඕ යුන්ලාන් චාටු බස් දෙඩුවේය. "මං කීවේ... පරීක්ෂණය ගැන මොනා හරි තිබුණොත් එහෙම..."

බෝතලය උඩ දමා ඇල්ලූ ඔහු, ශෙන් වෙයිට අත වැනුවේය.

"ඔයාට හුඟක් ස්තූතියි. මට දැන් කරන්න රාජකාරියක් තියෙනවා. ඒ වුණාට මම මේ පරීක්ෂණය අවසන් වුණාම ඔයාව කෑමකට එක්ක යන්නම්."

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now