3. පුනරුත්පත්තිය දෙවන කොටස

124 25 7
                                    

එය ලොංග් චෙන්ග් විශ්ව විද්‍යාලයේ පිටුපසින් පිහිටා තිබූ කුඩා දොරකි.

ලොංග් චෙන්ග් විශ්ව විද්‍යාලය දිගු ඉතිහාසයකට උරුමකම් කියන සුප්‍රසිද්ධ තක්ෂිලාවකි.

මේ වනවිට මෙම වර්ෂයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ වී තිබුණද, එහි ප්‍රධාන ගොඩනැඟිලි සංකීර්ණය නගරයෙන් පිටතට ගෙන ගොස් තිබූ නිසා, විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සිටියේ සුළු සිසුන් සංඛ්‍යාවකි. සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම පැරණි ගොඩනැඟිලි, සිසුන් විසින් පරිහරණය කරනු ලැබුවේ කලාතුරකිනි.

ගුවෝ එහි පැමිණෙන විට කළු බළලාව ඔසවාගත් චාඕ සිටියේ නේවාසිකාගාර පිවිසුමක් අභියසය.

උරහිස් අකුලාගෙන, ලැජ්ජාවෙන් බිම බලමින් සිටින මේ නවකයාගේ අපිළිවෙල බව චාඕ හරිහැටි දුටුවේ ඒ මොහොතේදීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උරහිස් අකුලාගෙන, ලැජ්ජාවෙන් බිම බලමින් සිටින මේ නවකයාගේ අපිළිවෙල බව චාඕ හරිහැටි දුටුවේ ඒ මොහොතේදීය. මළගෙයකට යාමට මෙන් තද කළු පැහැයෙන් සැරසී සිටි ඔහුගේ ඇස්, කොණ්ඩා කැරැල්ලකින් වැසී තිබුණි.

ගුවෝ ළඟට පැමිණෙන විට චාඕ තම අතේ සිටි බළලාගෙන් මෙසේ ඇසීය.

"මේ ළමයට ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි නේද? වංග් මෙයාට මොනවා කීවද දන්නෑ. මිනිහ හොඳටම බය වෙලා වගේ."

කළු බළලා නොසැලකිලිමත් ලෙස ඈනුමක් ඇරියේය.

"ඔයා වද වෙනවා වැඩියි චාඕ අම්මේ"

ගුවෝ සෙමෙන් ඔවුන් වෙත ආවේය.

"මම ආවා"

"කවුද ඔයාට එන්න කීවේ? ඒ වගේම මොකද ඔච්චර හෙමින් කතා කරන්නේ?"

චාඕ ඔහුට සරදම් කළේය.

බියෙන් වෙව්ලූ ගුවෝ නොපැහැදිලි ලෙස මුමුණමින් බලු පැටියෙකු මෙන් කෙඳිරිගාන්නට වූවේය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now