5. පුනරුත්පත්තිය සිව්වන කොටස

80 23 3
                                    

අන්ධකාරය තුලින් මතුවූ හස්තයක් ශෙන්ගේ පාදයක් ඩැහැගත් නමුත් ඔහුට නම් එය දැනුණේවත් නැති සෙයකි.

චාඕ එසැණින් ශෙන්ගේ උරහිසෙන් අල්ලා ඔහුව අඩි කිහිපයක් පිටුපසට ඇද්දේය.

"ආ පොඩ්ඩක් ඉන්න. මට දැනුයි මතක් වුණේ".

ඔහු කතා කරනා අතරතුර අඳුරු මුල්ල දෙසට අළු ස්වල්පයක් විසි කළේය. අළුවලින් පිච්චී ගිය හස්තය නැවතත් සෙවණැලි අතරටම රිංගා ගත්තේය.

"මේ පරීක්ෂණය අපට භාරදුන්නේ හදිසියේම නිසා මම මේ ගැන කුලපතිතුමාට කතා කරන්න ඕනේ. අපට වෙලාවක් වෙන්කරගන්න උදව් කරන්න පුළුවන්ද?"

ශෙන් අවසානයේදී චාඕ දෙස බැලුවේය. එවිට චාඕ දුටුවේ ශෙන්ගේ දෙනෙත්  කාල වර්ණ තීන්තෙන් සිත්තම් කළ සිතුවමක් 1 මෙන් තියුණු බවයි. උපැස් යුවල පිටුපස සැඟවුණු ඔහුගේ චිත්තාකර්ෂණීය බැල්ම චාඕගේ ආත්මයටම කාවැදුණේය.


(1.  කාල වර්ණ තීන්තෙන් සිත්තම් කළ සිතුවමක් (Ink wash painting ) - කළු වර්ණයේ විවිධ පැහැයන් යොදාගෙන අඳිනු ලබන සාම්ප්‍රදායික චීන සිතුවම් වර්ගයක්.)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අඩ අඳුරු කොරිඩෝව තුළදී ඔහුගේ බැල්ම දුටුවෙකුට සිහිවන්නේ, තරුණ උගතෙකු හා පෙමින් බැඳී ඔහුගේ සිතුවමක් ඇඳි තරුණියකගේ අවතාරයක් පිළිබඳව කියවෙන ජනප්‍රවාදයකි.

ශෙන් සිනාසුණේය. "හරි. මට මෙතන කරන්න වෙන උදව්වක් නෑ. ඉස්සරහ තියෙන කාමර ඔක්කොම අයිති ගණිත පීඨයට. ඔයාල ගිහින් අහලා බලන්න. මම කුලපතිතුමාට කතා කරන්නම්."

"බොහෝම ස්තූතියි."

චාඕ එක් අතක් සාක්කුවෙන් පිටතට ගෙන ශෙන්ට අතට අත දුන්නේය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now