6. පුනරුත්පත්තිය පස්වන කොටස

69 22 3
                                    

"ඉස්සෙල්ලා කොරිඩෝ එකේදි මොකද වුණේ?"

දා චිංග් මාතෘකාව වෙනස් කළේය.

"ඔයාගේ  'අනාවරණ කණ්ණාඩිය '  අනතුරු ඇඟෙව්වේ ඇයි?"

"මොකෙක් හරි අපිව ලුහුබැන්ඳා" චාඕ පැවසීය.

"ඒ වුණාට ඒක පෙන්නුම් කරපු ගමන්ම පැනලා ගියා. හුඟක් දුරට ඒ කරදරයක් කරන්න හිතන් ආපු දෙයක් නෙමේ වෙන්න ඇති."

"ඒ මිනීමරුවා නෙමේද?"

"කොහොමද එහෙම වෙන්නේ? ඔයා හිතන්නේ මට අලුත් අවතාරවලයි, දරුණු භූතාත්මවලයි වෙනස අඳුනාගන්න බෑ කියලාද?"

චාඕ ගුවෝගේ සිරුර කොරිඩෝ දිගේ රැගෙන ගියේය.

"අනිත් එක, මිනිය ළඟ තිබුණු අත් සලකුණ ඔයා දැක්කානේ, නේද? ඒ අත කොහොමටවත් මනුස්සයෙක්ගේ නම් නෙවෙයි. අපොයි, මේ මනුස්සයගේ බර. මම මෙයාව කොහේ හරි බිමින් තියන්නම්."

චාඕ ගුවෝව බිත්ති මුල්ලක තැබුවේය.

චාඕ ප්‍රධානිතුමා කරදරකාරී නවකයා දෙස රවා බැලුවේ හරියට ඔහුට එතැනම මියයන්නට හැරීමට සිතනා ආකාරයෙනි. නමුත් මඳ වේලාවකට පසු බිම දණගසාගත් චාඕ කුඩා බෝතලයක් පිටතට ගෙන, එහිවූ ද්‍රව්‍ය ගුවෝ වටා ඉස්සේය. ඉන්පසු සිය ඇඟිල්ල හපා ලේ බිඳුවක් ගත් ඔහු එය ගුවෝගේ නළල මත තැවරීය.

අසුරු සැනින් ලේ බිඳුව ඔහුගේ සමට උරාගත් අතර, එසැණින් සුදුමැලිවී සිටි නවකයාගෙන් නීරෝගී බවක් දිස්විය.

චාඕ ගුවෝගේ හිසට සෙමෙන් පහරක් දුන්නේය. "කිසිම කමකට නෑ. පුදුම කරදරයක්."

"දැන් ඔය ඇති, යුන්ලාන්, ඔයාගේ ඔරලෝසුව දිහා බලන්න."

ඒ දෙස බැලු චාඕ දුටුවේ ඔහුගේ ඔරලෝසු මුහුණත නැවතත් රක්ත වර්ණයට හැරී ඇති බවයි. දා චිංග් යටිගිරියෙන් ඥාව් ගෑවේය.

කාල වර්ණ සළුවක් පොරවාගත් වයසක කාන්තාවක් ඔවුන් පිටුපසින් සිටගෙන සිටියාය.

එම වයසක රුව ආපසු හැරී ගමන් කරන්නට වූයේ, ඔවුන්ව යම් තැනක් කරා කැඳවාගෙන යමිනි.

"අළුත් අවතාරයක්?" දා චිංග් කලබලයෙන් ඉදිරියට පැමිණියේය. "මේකාට පිස්සු හැදිලාද කොහේද. ඒයි, මොකද ඔයා මේ මහ දවාලේ තැන තැන ඇවිදින්නේ?"

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now