4. පුනරුත්පත්තිය තෙවන කොටස

104 24 2
                                    


1910 දී ගොඩනගන ලද, ලොන්ග් චෙන්ග් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගොඩනැඟිල්ල මේ වනවිට වසර සියයක් පමණ පැරණිය. විශ්වවිද්‍යාල භූමිය පුරාම පැතිරී තිබුණු සරුසාර වෘක්ෂයන්ගෙන් ඇතැමෙක්, බටහිර ගෘහනිර්මාණ ශෛලියකට අනුව නිමවා තිබුණු ඉපැරණි ගොඩනැඟිලි සියල්ලටමත් වඩා උසින් වැඩිය.

බටහිර දොරටුව අසල, මෑත කාලයේදී ගොඩනඟන ලද පරිපාලන ගොඩනැඟිල්ල පමණක් තුරු ගොමුවට ඉහළින් නැඟී සිටියේය. මෙම ඉපැරණි ගොඩනැඟිලි සමූහය අතරින් වෙනස් ලෙස කැපී පෙනුණු එය, විශ්වවිද්‍යාලයේ සෞන්දර්යාත්මක බව සම්පූර්ණයෙන්ම විනාශ කළේය.

මහාචර්ය ශෙන්, තමා එම සිසුවිය නොහඳුනන බව පවසා ඔවුන්ව කාර්යාලය වෙත කැඳවාගෙන ගියේ ඇය පිළිබඳව විමසීමටය.

නවීකරණය කරන ලද කාර්යාල ගොඩනැඟිල්ල චාඕව විමතියට පත් කළේය. ගණන් කරන්නේ නැතිවම ඔහු එහි තට්ටු දහ අටක් ඇති බව වටහා ගත්තේය.

අතීතයේදී නම් ගෘහ නිර්මාණ ශිල්පියෝ තට්ටු දහ අටක් ඇති ගොඩනැඟිලි සෑදීමෙන් වැලකුණහ. නමුත් ආර්ථිකයේ දියුණුවත් සමඟ ගොඩනැඟිලිවල මිල ගණන් ඉහළ යෑම නිසා, මිනිසුන් මිත්‍යා විශ්වාස පසෙකලා මුදල් පිළිබඳවම සිතන්නට විය. වර්තමානයේදී නම් මේ ගැටළුව හඳුනාගත හැක්කේ වාස්තු විද්‍යාව පිළිබඳ දන්නා අයෙකුට පමණි.

*********************************************************************

කාර්යාල ගොඩනැඟිල්ල වායු සමීකරණය කර ඇති නිසාවෙන්දෝ, එයට ඇතුළුවන විටම කෙනෙකුට දැනෙන්නේ ඇඟේ හිරිගඩු පිපෙනා සීතල සුළඟකි. මඳක් වෙව්ලූ දා චිංග් උගේ නියපොතු දිගුකර චාඕව තදින් අල්ලා ගත්තේය.

"ශිෂ්‍ය හැඳුනුම්පතේ තියෙන්නේ ගණිත අංශය කියලා. කාර්යාලය තියෙන්නේ උඩම තට්ටුවේ".  ඔවුන් දෙදෙනාව සෝපානය වෙත ගෙනයමින් ශෙන් පැවසුවේය.

"ශෙන් මහාචාර්යතුමා, ඔබතුමාට මේ සිදුවීම ගැන එච්චර කුතුහලයක් නෑ වගේ. ඔබතුමාට මේක ගැන මොකුත් දැනගන්න ඕනේ නැද්ද? " චාඕ එක්වරම විමසීය.

තම හිස පහතට නැඹුරු කරගත් ශෙන් සිහින් හඬකින් ඊට පිළිතුරු දුන්නේය. "මම මළවුන්ට ගරු කරනවා. ඒ වගේම මේ පරීක්ෂණය විසඳන්න මම ඔයාලට ඕනෑම උදව්වක් කරනවා. හැබැයි මට වැඩි විස්තර දැනගන්න උවමනාවක් නෑ".

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now