9. පුනරුත්පත්තිය අටවන කොටස

63 22 1
                                    

චාඕ යුන්ලාන් පිටුපසට ඇලවී කකුලක් පිට කකුලක් දා ගත්තේය.

"ඔයා ඔච්චරටම කලබල වුණේ ඇයි? ඔයා මැරුණු කෙනාව දන්නෙත් නැත්නම්, එයාගේ මරණෙට ඔයාගේ කිසි සම්බන්ධෙකුත් නැත්නම්, ඔයා ඔච්චර බයවුණේ මොකද? ඔයා ඇයි, දිග පාරකින් නැගෙනහිර පැත්තට ගියේ? මොකක්ද ඔයා දැක්කේ?"

එක්වරම යටිගිරියෙන් කෑ ගැසූ ලී චියෑන්, බිමට පහත් වී, සිය කොණ්ඩයෙන් මුහුණ වසාගැනීමට උත්සාහ කළාය.

ඇගේ මැණික්කටුවෙන් අල්ලාගත් චාඕ යුන්ලාන්, දිගටම ඇගෙන් ප්‍රශ්න කරන්නට විය.

"ඔයාට ඒකෙන් පැනලා දුවන්න බෑ. මට කියන්න, ඔයා මොකක්ද දැක්කේ?"

වෙර දරා ඔහුගේ ග්‍රහණයෙන් මිදුණු ලී චියෑන්ගේ සිරුර, පාලනය කරගත නොහැකි ලෙස වෙවුලන්නට විය.

"මම දන්නේ නෑ!"

ඇය ඇගේ කටහඬ නැතිවන තරම් ශක්තියකින් කෑගැසුවාය. "මම දන්නේ නෑ! මගෙන් මොකුත් අහන්න එපා! මම මොකුත් දන්නේ නෑ!"

"ඔයාලගේ විශ්ව විද්‍යාලය එච්චර ලොකු නෑ."

සිය හඬ පහත් කල චාඕ යුන්ලාන් කතා කරන්නට විය.

"ඔයා එයාව දැකලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට මීට ඉස්සෙල්ලා පාඩම් කාමරයකදී, පුස්තකාලයේදී, එහෙමත් නැත්නම් ආපනශාලාවකදී එයාව හම්බෙලා තියෙන්න පුළුවන්. ඔයාට දැනගන්න ඕනේද එයා මැරුණේ කොහොමද කියලා? එයාව හොයාගන්න කොට එයාගේ මිනිය පුංචි පාරක තනියමයි තිබුණේ. එයාගේ බඩ කපලා ඇතුළ හිස්කරලා තිබුණා. ඉතුරුවෙලා තිබුණු බඩවැල් කොටස් කීපයක දත් පාරවල් තිබුණා. ඒ නිසා මිනීමරුවා එයාගේ අභ්‍යන්තර අවයව ආහාරයට අරන් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ලේ... හැමතැනම. තාමත් ඒ ලේ පැල්ලම් සුද්ධකරලා ඉවර නෑ. ඒ වගේම ඔයා දන්නවද..."

මෙම බිහිසුණු විස්තරය අසා භීතියෙන් හඬ නැඟූ ලී චියෑන්ගේ සිරුර කිලිපොලා ගියේය.

"එයාගේ බඩ කපලා විවෘත කරනකොට, එයා පණපිටින් හිටියේ. එයාගේ බොකු බඩවැල් එකින් එක අරන් කනකොට එයාට සිහිය තිබුණා.."

චාඕ යුන්ලාන් හිත්පිත් නැති ලෙස දිගටම කතා කළේය. "ඔයාට හිතාගන්න පුළුවන්ද? එයාට තමන්ගෙම අවයව හපලා කන සද්දෙත් ඇහෙන්න ඇති."

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now