33. සොබාදමේ ස්ථම්භය දහතුන්වන කොටස

32 4 2
                                    


"මොකක්ද?"

චාඕ තිගැස්සුණේය.

ඔහුට හැඟුණේ ඔහුගේ මොළය මැලියම්වලින් එකට ඇලවී ඇති බවකි; ඔහුගේ ඇසිපිය බරින් වැඩිවිය.

"වන්ග් චෙන්ග්?"

ඔහුගේ නාසයේ මුල කෙනිත්තූ චාඕ, සිය ඇසිපිහාටු ඇලෙන සුළු ස්වභාවයක් ගත්තද, ඇසිපිය සැලුවේය.

සෘජුව නැගී සිටීමට වෙහෙසගත් ඔහු අඩ සිහියෙන් මෙසේ පැවසුවේය,

"මම නිදාගත්තේ පැයකටත් වඩා අඩුවෙන්... එයා කලින් මෙතන හිටියා නේද?"

ෂු ඔහුව සියුම් ලෙස පරීක්ෂා කළාය.

ඇය චාඕව වසර ගණනාවක සිට දැන සිටි අතර, ඔහු කෙතරම් වෙහෙසවී සිටියද, වැටෙන්නේ නොගැඹුරු නින්දකට බව දැන සිටියාය.

ඔවුන් මේ වනවිට සිටින්නේ මනුෂ්‍ය වාසයෙන් තොර පෙදෙසකය. එමෙන්ම ඔවුනට පහළින් වූයේ හිස්කබල් ගොඩකි. එනමුදු ඔහු ගැඹුරු නින්දකට වැටුණේය.

මෙය මින් පෙර කිසිදා සිදුවී නොමැත. චාඕ අනුකම්පා විරහිත අයෙක් වුවද, නොසැලකිලිමත් නොවීය. පහතට නැමුණු ෂු ඉව කළාය.

"මොකක්ද..."

"හෙලවෙන්න එපා."

බ්ලැන්කට්ටුව ඉවතට ඇදගත් ෂු, එහි වූ සියුම් තන්තු ඔස්සේ පරීක්ෂාකාරීව සිය අතැඟිලි දිවවූවාය. ඉන් දුඹුරු පැහැති කුඩු ස්වල්පයක් පිස දැමූ ඇය, ඒවා ආඝ්‍රාණය කළාය.

එසැණින් සිදුවූ දෙය වටහාගත් ඇය, චාඕ ඇමතුවාය,

"ඔයාට මත්වෙන දෙයක් දීලා."

ඔහුගේ තෝන්තු ගතිය පහව ගොස් ඒ වෙනුවට ශ්‍රවණාබාධයක් ඇතිවිය. චාඕට හැඟුණේ සියලුම ශබ්ද කිසියම් ස්ථරයකින් අවහිර වී ඇති බවකි. ඔහු අවසානයේදී ෂු පැවසූ දෙය කුමක්දැයි වටහාගන්නා විට, ඔහුගේ හිස තුළවූ වදන් මිලියනයක් වදන් දෙකක් දක්වා අඩු විය:

"මට හෙණගහපන්!"

සියල්ල ඉතා වේගයෙන් සිදුවිය. ඔහුව වඩාත්ම කෝපගන්වන්නේ "වන්ග් ඔහුව මත් කිරීම" ද එසේ නොමැතිනම් "ඔහුට බ්ලැන්කට්ටුවක් ලබාදුන් තැනැත්තා ශෙන් නොවන බව" ද යන්න චාඕ තවමත් සොයාගෙන නොමැත.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now