Chap. 02

569 139 43
                                    

Ha-yoon's pov-

"මෝඩ කෙල්ල නැගිටිනවාහ්!"

ඩෝන්💥

"ආව්හ්හ්හ්"

එකපාරම කන ලග අකුණු ගහලා මගෙ පස්ස පැත්තෙ බෝම්බෙ වැදුනා. ඌව්ව්ව්ව්ව්... ඒකනම් රිදෙනවා.

"කෝ නැගිටිනවා කම්මැලි මෝඩ කෙල්ල! අය්ගෝ අය්ගෝ මොකටද මම මෙහෙම කම්මැලියෙක් හදාගත්තෙ! මගෙ හමත් රැලිවැටෙන්නෙ මේ මෝඩි හින්ද... අය්ගෝ....."

ආහ්හ්... බෝම්බයක් නෙවෙයි. හැබැයි රට වෙඩියක්!.
මගෙ වන් ඇන් ඔන්ලි ඔම්මා පුපුරලා තියෙන්නෙ. ඇහැ කොනට පේනවා එයා ඇද කොනේ හිටගෙන උඩ පැන පැන සද්දෙ දාන හැටි. එයා ටිකක් කොටය්. ඒ හින්ද බනිද්දි එහෙම ටික් බෝලෙ වගෙ උඩ පනිනවා.

අනික මොනා කියනෝද මන්ද? ළමිස්සි කියලද කොහෙද හිතාගෙන ඉන්නෙ. මන් හින්ද කොහෙද අනේ හම රැලි වැටෙන්නෙ. මන් වගෙ හුරතල් කෙල්ලෙක් නිසා එහෙම වෙන්නත් බෑනෙ ඉතින් නේද ... තා ටිකක් තරුණ උනොත් මිසක.

ටිකකින් ඔම්මගෙ සද්දයක් නැති පාර කෝකටත් කියලා මන් ඇහැක් චුට්ටක් ඇරලා බැලුවා. මොකද මගෙ ඔම්මා හරියට සුනාමිය වගේ. ලොකු විනාශයක් කරන්න කලින් හරි අසාමාන්‍ය විදියට නිශ්ශබ්දය් එයා.

හරිනේ... එයා දිවත් එලියෙ දාගෙන අත දිගෑරලා-

"එපා ඔම්මාහ්!"

හිතුවා වගේම අම්මගෙ අත කීවෙනි පාරටද මන්ද හැතැම්ප දෙක තුනක දුර ඉදලා ආය මගෙ පස්සට ලෑන්ඩ් වෙනකොට, ඒක වදින්න කලින් බිමට පැනගන්න මට පුලුවන් උනා.

ෆූඃ! ඒක වැදුනානම් පස්ස ප්ලැට්ම තමා.

"පිස්සුද අප්පා. ඔයානම් අනේ මන්ද ඔම්මා. අනිත් ඔම්මලා දුවලගෙ පස්සවල් ලස්සනට හදනවා කොල්ලො අහුවෙන්න. ඒකට ඔයා මට දිලා තියෙන්නෙත් හිච්චි එකක්. ඒකත් තලලා දානවා"

"ඥැන් ඥැන් ඥැන්... යනවා මගෙන් ගුටිනොකා. ලෑස්ති වෙන්නැද්ද තමුන් අද අලුත් ස්කෝලේ"

ඔ-ඕඕ ඇත්තට අලුත් ස්කෝලෙ නේද! ඔමෝ අලුත් ඉස්කෝලෙක! දෙය්යනේ...

"මොකක්ද අනේ කලින් මතක් කරන්නෙපැය්!''

ඔම්මගෙන් ඊළග තත්පරෙ ගුටි කන්න වෙනවා කියලා දන්න නිසාම ඒක කිව්ව ගමන්ම මම පස්ස නොබලා එතනින් දිව්වා. එයත් ගහන්න පස්සෙන්ම පන්නම් ආවා. හැබැයි දොර ලොක් කරපු හින්ද බාතෲම් එකට එන්නනම් බැරිඋනා.

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now