Chap. 05

372 126 13
                                    

Ha-yoon's pov-

#-මට උදව් කලාට ගොඩාක් ස්තූතිය්. ඔයාව හම්බුන එකට මට ගොඩාක් සතුටුය්.-#

ආය්ශ් ආයෙමත්.. ඇය්!? ඇය් ඇය් ඇය්ය්ය්??? ඒකම මතක් වෙන්නෙ ඇය් අප්පා.

මොකටදෝ හේතුවකට මට ජන්කුක්ගෙ ඒ වචන, එයා අත් හොල්ලලා මට සංඥා කරපු හැටි හැමවෙලේම මතක් වෙනවා. පව්. එක අතකින් එයාට තියෙන්නෙ ලොකුකමක් නෙවෙයි, සමාජෙ එක්ක ගැටෙන්න බැරි එක. ඒත් ඉතින්...ඒක ඒ තරම්ම දෙයක් නෙවෙයි. එයාට තිබ්බා මිනිස්සු එක්ක මුහු වෙන්න. කතා නොකලට මොකද එයාගෙ මූණටම කෙල්ලො වශී වෙන්නෙ... මන් කිව්වෙ... මේ මෝඩ කෙල්ලො!. මම වගේ අය නෙවෙයි.

"ඒය්... මැඩම්... ඕක එක්කො මමම කරගන්නද?"

"හා"

"ඇහ්! හා කිව්ව ලස්සන!. අය්ගො අය්ගෝ ඔයා වෙනුවට මට ඇත්තටම කිරිහරකෙක් හදාගන්නය් තිබ්බෙ. අඩුම තරමෙ එහෙනම් මට නූඩ්ල්ස් එක්ක කිරිත් විකුණලා සල්ලි හොයාගන්න තිබ්බා. ඌට කියලා තණකොල විතරය් දෙන්නත් ඕනි"

ආය්ශ්! මොකට කෑ ගහනවද මන්දන්නෑ. බැරිම තැන සින්ක් එකටම අලවගෙන හිටපු ඇස් දෙක මම ටිකක් සද්දෙ ආපු පැත්තට යැව්වා.. ඌප්ස්... මගෙ ඔම්මගෙ මේ පුප්පගෙන ඉන්නෙ.

ඇය් මේ ඔරවන්නෙ බලද්දිය් දැක්කෙ විනාඩි ගානක් ගිහිල්ලත් මම තාම එක ඉදුල් භාජනයක්වත් සෝදලා නෑ කියලා. හරි ඉතින්. ඕකට තරහ ගන්න ඕන්නෑනේ. මන් හෝදන්න තමය් මේ ගියේ.

"මොන ලෝකෙද ඉන්නෙ? අර මිනිස්සුන්ට නූඩ්ල්ස් ටික හදාගෙන ඉවරවෙලාවත් දෙන්න විදියක් නෑ. ඒ ටිකත් සීතල වෙනවා දැන්. ඔයා භාජන හෝදනවට වඩා වේගෙන් මිනිස්සුන්ට භාජන හදලා විකුණන්නත් පුලුවන්!"

මාව පැත්තකට තල්ලු කරලා දාපු ඔම්මා මැණික් කටුව ළගට රූටගෙන ආපු එයාගෙ ඇදුමෙ අතක් උඩට කරලා හදාගන්න ගමන්ම භාජන ටික හෝදන්න ගත්තා.

"අජුම්මා.. අපිට නූඩ්ල්ස් හතරක් ඕනි"

කඩේ ඇතුළෙන් ගෑනුළමයෙක් කෑ ගහද්දි ඒ තත්‍පර දෙක තුනට ඔම්මා හෝදලා තිබ්බ බන්දේසි හතරකුත් අරගෙන මම ඒවට නූඩ්ල්ස් පිරෙව්වා.

"අර කොනේම එකට ඉස්සෙල්ලා දෙන්න තුනක්... ඊළගට අර දොර ළග දෙන්නට."

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now