Chap.12

335 117 22
                                    

Author's pov-

"ජන්කුක්... මේ... මේකයි...ඔයාකැමතිදමගෙබෝය්ෆ්‍රෙන්ඩ්වෙන්න."

හායූන් ඇස් තද කරගෙන කියලා දාද්දි ජන්කුක් කිසි දෙයක් නොතේරෙන තත්පර කීපයක අතරමං උනා.

කෙල්ල කිව්වෙ ජන්කුක්ගෙ ගර්ල් වෙන්න ඕනි කියලාද? ඒකත් මේ ගොලු කොල්ලගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න හායූන් වගෙ කෙල්ලෙක්!. ඇත්තටම එයාට ඒක ඕනිද?

ජන්කුක්ට කාලයක් තිස්සෙ දැනුන හැගීම,..
වචන කරන්න, තවත් කෙනෙක්ට කියන්න බය උන හැගීම,...
කෙල්ලගෙ කටින්ම පිට උනා කියලද කියන්නෙ?

එතකොට ජන්කුක් මේ තරම් ඒ හැගීම පිටකරන්න දැකපු බාධා? හැමඑකක්ම කෙල්ල බධාවක් නෙවෙයි කියලා ඔප්පු කලා. කොල්ලා හිතට දැනුන දේ පිලිගන්නවත් අකමැති වෙද්දි කෙල්ල ඒ දේ කෙලින්ම කොල්ලගෙන් ඇහුවා.

කෙල්ලගෙ මූණ දිහා ටික වෙලාවක් බලන් උන්නු ජන්කුක් කලබලෙන් මොනවදෝ ෆෝන් එකේ ටය්ප් කලා. වචන කීපයක්ම මක මකා ආයෙමත් වෙනස් කලා. මොකද එයාට විශ්වාසයක් තිබුනෙ නෑ එයා ඒ වෙලාවෙ මොනවගෙ දෙයක්ද කියන්න ඕනි කියන එක ගැන.

ඒ අතරෙ ටේහ්‍යුන් එක දිගටම හායූන්ගෙ මූණ බලාගෙන හිටියෙ තව වචන කීපයක් බලාපොරොත්තුවෙන්. හායූන් කලින් කතා උනදේ කියපු විදිහෙන් ජන්කුක් තේරුම් ගන්න අදහස සම්පූර්ණ වෙනස් වෙනවා කියලා ටේහ්‍යුන්ට තේරිලා තිබුනේ. ඒත් කෝ කෙල්ල මුකුත් කියන්නෑ.

ජන්කුක් විනාඩි කීපයකට පස්සෙ හිතලා හිතලා ටය්ප් කරපු වචන කීපයක් එක්ක ෆෝන් එක හායූන්ගෙ පැත්තට දික් කලා.

*ඔයාට ආයෙමත් හිතලා බලන්න වෙනවා හායූන්. මම ගොලුවෙක්. ඔයා හිතනවා වගෙ මේක සරල නෑ.*

"ජන්කුක්!"

හායූන් ඇස් පුංචි කරගත්තෙ ජන්කුක් කියන දේ පිලිගන්න බෑ වගෙ හැගීමකින්. ජන්කුක් කොහොමද එයාවම එහෙම පහත් කරලා හිතන්නේ?

හායූන් කතාකරන්නත් කලින්ම ජන්කුක් තවත් දෙයක් වේගෙන් වේගෙන් ටයිප් කරලා කෙල්ලට පෙන්නුවා.

*මේක සාමාන්‍ය නෑ. කවුරුත් කැමති වෙන්නෑ මම වගෙ කෙනෙක් පාට්නර් කරගන්න. මමත් ඔයාට කැමැත්තෙන් හිටියෙ. ලොකු කාලෙක ඉදන්. ඒත් මට ඔයාගෙ යාලුකම නැතිකරගන්න ඕනි උනෙ නෑ හායූන්. එහෙම උනොත් ආයෙමත් කවුරුත්ම මට නැතිවෙයි කියලා මන් බය උනා. ආයෙමත් හිතන්න. ඔයාට පසුතැවෙන්න වෙයි මම වගෙ කෙනෙක් ආස්ක් අවුට් කලාට.*

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now