Chap.16

291 113 15
                                    

Author's pov-

හරිහැටි අදුර මැකෙන්නත් කලින්ම ටේහ්‍යුන්, හායූන්ලගෙ ගෙදරට ආවෙ උදේ රැයින්ම හායූන්ගෙ ඔම්මා කොල්ලගෙන් උදව් ඉල්ලපු නිසා. ඒකත් මහ ලොකු දෙයක් නෙවෙයි. අද දවස හායූන් එක්ක ගත කරන්න, හායූන්ව බලාගන්න කියලා පුංචි එකක්.

ඒක කොල්ලට මහලොකු දෙයක් නොවුනත් ටේහ්‍යුන් හිටියෙ පුදුම වෙලා. හායූන්ගෙ ඔම්මා උදේ පාන්දර කොල්ලට එන්න කියන්න හේතුවක් ටේහ්‍යුන්ට තාම හිතාගන්න බැරි උනා. කොල්ලා කලබල උනේ හායූන් අසනීපෙන්වත්ද හිතාගන්න බැරුව.

ටේහ්‍යුන් පඩි නගින්නත් කලින්ම දැක්කා වෙනදට පඩිපෙල පාමුල මඩුවෙ නවත්තන හායූන් අප්පගෙ බයික්කෙකත් නැති බව. එහෙනම් ඔම්මාලා යනවයි කිව්ව ගමන දැනටම ගිහිල්ලාත් වෙන්නැති.

වෙනදට වඩා වේගෙකින් හති දදා පඩි නැග්ග ටේහ්‍යුන් අන්තිමේදි ගෙදර දොර ලගට ආපු ක්ශනිකවම ඒකට අත මිටමොලවලා දෙක තුනක් ඇන්නා.

"හායූනා... හායූනා...."

කොල්ලා ආයෙමත් ටිකක් තදින් තට්ටු කලේ කලබල වෙලා. ඒත් කොල්ලට කලබල වෙන්න දෙයක් තිබ්බෙ නැ. ඊලග පාර ගහන්න අත උස්සද්දිම දොර චුට්ටක් ඇරුනෙ ඒ අතරින් කට බෝලෙට ඇරගෙන ඈනුමක් පිටකරන හායූන්වත් පේන්නම.

දොර ඇරුන හැටියෙම ටේහ්‍යුන් දොරත් තල්ලු කරගෙන ඇතුලට ගියා. කොල්ලගෙ අත ඉක්මනින් ඉක්මනින් හායූන්ගෙ නලලටයි බෙල්ලටයි ගියේ අඩුම කෙල්ල ඈනුමවත් ඇරලා ඉවර වෙන්න කලින්.

"උණක්නම් නෑ"

"කාටද උණ?... ඇයි උදේම මෙහෙ?"

කෙල්ල කතා කලේ ගොර ගොර නිදිමත සද්දෙකින්.

"අජුම්මා තමා අද ඔයත් එක්ක ඉන්න පුලුවන්ද අහලා කෝල් එකක් දුන්නෙ. උදේම එන්නත් කිව්වා එයාලා උදේම ඉන්චෙන් යනවා කියලා"

ටේහ්‍යුන් ඔලුව කසකස කියද්දි කෙල්ලගෙ කට ඕ හැඩේට හැරුනා.

"ඔම්මලා හිතන්නැති මන් දුකෙන් කියලා"

එහෙම කියාගෙනම කෙල්ල හැරිලා කුස්සියට පැත්තට යද්දි ටේහ්‍යුනුත් කෙල්ලගෙ පස්සෙන්ම ගියා.

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now