Chap.19

290 110 22
                                    

Author's pov-

"සර් මේ තියෙන්නෙ අලුතෙන් අපේ බ්‍රාන්ච් එකෙන් එලියට දාන ඩිසයින්ස් තුන. සර් ඩිසයින් කරපු එකත් තියනවා"

"ඔතනින් තියලා යන්න."

ජන්කුක් වෙනුවට ජන්කුක්ගෙ පැත්තකින් උන්න හන්වූ උත්තර දෙද්දි සාමාන්‍ය සේවකයත් කීපසැරයක්ම ජන්කුක් දිහාත් හන්වු දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.

මොකටද මේ? කොහොමත් ඒක විශේෂ දෙයක් නෙවෙයිනේ? ජන්කුක් කතා බහ නොකරන එකත්, ජන්කුක් වෙනුවට හැම අණ කිරීමක්ම කරන්නෙ හන්වූ උන එකත් කම්පැණි එකේ එම්ප්ලෝය්ස්ලට අලුත්ම දෙයක් නොවුන කොට ඇයි එයාලට තාමත් ඒකට හුරු වෙන්න බැරි උනේ.

"අම්ම්.. මේකයි සර්. තුනේම අපි ශෝකේස් දාන කාර්ස් ටික වෙන්කලා. ඒත් කලර්ස් තවම තීරණය කරලා නෑ සර්. අනිත් බ්‍රාන්චස් වල වගේම ඒක ලොකු සර් ඩිසයිඩ් කරනවානම් අපිට තව සතියක් වගෙ ඇතුළතවත් දැනගන්න පුලුවන් උනොත් ඇතුළ කලර් ඩිසයින් එක කොලිටි එකට හදාගන්න පුලුවන්. නැත්තම් කම්පැණි එකෙන් දීලා තියන දවසට වැඩ ඉවර කරගන්න අමාරුයි සර්."

මේ තරම් වෙලා ඔලුවවත් උස්සලා බලන්න මහන්සි නොවි ෆයිල් එකටම අවධානෙ දීලා උන්නු ජන්කුක් සේවකයා ගෙනත් තිබ්බ ෆයිල් එකට අවධානෙ දුන්නා. වෙන් කරලා තිබුන ගොනු අතරින් කොල්ලගෙ ඇගිලි එහෙමෙහෙ දිව්වෙ එයාගෙ ඩිසයින් එක ලග. 'යුන්ගුම්' එක. මොන කාර් එකෙ කලර් එක කොහොම අප්පා තේරුවා උනත් ජන්කුක්ට ඕනි උනෙ 'යුන්ගුම්' එක තද දම් පාටින් පාට වැටෙනවා දකින්න.

එයා මේ කාර් එක හදන්න හේතුවම කෙල්ල වෙද්දි පලවෙනිම නිර්මාණයට කෙල්ලගෙ කැමතිම පාට වැටෙන එක පුදුමයක් නෙවෙයිනෙ.

එයාගෙ අය්තිය ඒ කාර් එක. ඒ ඩිසයින් එක... ඒ කාර් එකේ හිත හොරාගන්න තිබුන හැම පුංචි අලුත් දෙයක්ම අයිති ජන්කුක්ට. අනිත් නිර්මාණකාරයන්ගෙ නිර්මාණ කම්පැණි එකේ පලපුරුදු කමිටුවකට ඉදිරිපත් උනාට පස්සෙ මුල් නිර්මාණයට වඩා වෙනස් උනා. පුංචි පුංචි වෙනස්කම් ගොඩාක් ඒ කාර් දෙකේම සිද්ධ වෙලා තිබුනා. නිර්මාණකරුවගෙ ඔලුවෙ තිබුන දළ අදහස විතරයි ඒවට පාවිච්චි කරලා තිබුනෙ. එයාලට ඕනි උන නිර්මාණය නෙවෙයි අවසානෙට බිහි උනෙත්. ඒත් 'යුන්ගුම්'...යුන්ගුම් එක සම්පුර්ණයෙන්ම ජන්කුක් කියන නිර්මාණකරුවගෙ තනි අයිතියක් තවමත්.කොටින්ම ශටර් එක ඇරෙන්න වැහෙන්න පාවිච්චි කරපු පුංචි බට්න් එක පවා ජන්කුක්ගෙ අදහස එක්ක ලස්සන වෙලා තිබුනෙ.

Emotionless puppet || JJK [Completed]Tempat cerita menjadi hidup. Temukan sekarang