Chap. 04

393 131 7
                                    

Jungkook's pov-

"කතාකරපන් මිනිහෝ! ඇය් එහෙම කලේ!??

කතාකරන්න පුලුවන්නම්...

ඇග පුරා දැනෙන රිදුම් වලට කෑගහන්න උත්සාහ කලත් මට බැරි උනා. එයාලා තව තවත් මගෙ වේදනාව ඇහෙනකම් මට ගැහුවා. එයාලා දන්නවනම් රිදෙන තරම මට පිටකරගන්න ක්‍රමයක් නෑ කියලා...,

"කියපන් මිනිහෝ! උබලා මහ තිරිසන්නු!. උබලා සතෙක්ටත් අන්ත තිරිසන්නු!

මූණට වදින පාරවල් වලක්වගන්න ඉස්සරහට කරගත්ත අත් අතරින් මම එයාගෙ මූණ දැක්කා.

ජේක්..?

එයා ඇය්??

සමහරවිට දල් බියෝන් නිසාද?

ආහ්හ්හ්..! බඩට වැදුන දරාගන්න බැරි සපත්තු පාරක් එක්කම කට පුරා ලේ රහක් පිරුනේ වට පිටාව පවා අදුරු වෙලා යද්දි.

ජේක් විතරක්ම නෙවෙයි. තවත් දෙන්නෙක්ගෙ සපත්තු පාරවල් වැදෙද්දි මට නැගිටින්න පුංචිමවත් උත්සාහයක් ගන්න බැරි උනා. මට රිදෙනවා. ප්ලීස් මේක නවත්තන්න. ඇය් හැමෝම වට වෙලා බලාගෙන ඉන්නේ? ඇය් කාටවත් මට උදව් කරන්න බැරි? මට රිදෙනවා. මම මැරිලා යය්.

"ජේක්... ජේක්.. නවත්තන්න... නවත්තන්න ජේක්..."

කාගෙදෝ කටහඩක් මම වෙනුවෙන් ඇහෙද්දි මට මොන තරම් සැනසීමක් දැනුනද කියලා කාටවත්ම තේරුම් ගන්න බැරි වෙය්. මම තනිවෙලා නෑ. මට කවුරුත්ම නැත්තෙ නෑ. ඒ කෙනා දිහා බලන්න උත්සාහ කරද්දිය් දැක්කෙ ජේක්ගෙ අතේ එල්ලිලා ජේක්ව පස්සට අදින අර කෙල්ලව. අමුතු කෙල්ල. එයා මන් වෙනුවෙන් ජේක්ව නවත්තන්න හැදුවා. හැමෝම හිනාවෙවී, පුදුම වෙවී වීඩියො කරකර මගේ වේදනාව රසවිදිද්දි එයා විතරක් මම වෙනුවෙන් කතාකලා.

"ජේක්!! ජේක් අහන්න..ඒය්... නවත්තනවා,, ගහන්නෙපා... ඒය්! ඔයාලා පැත්තකට වෙන්න! ඔයාලට එයත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑනෙ. ජේක්ගෙ ප්‍රශ්න ජේක් විදසගනි.! අය්න් වෙනවා තමුසෙලා...අය්න් වෙනවා... "

බටු ඇටයක් වගේ එයා ජේක්ගෙ යාලුවො දෙන්නට උඩ පැන පැන සද්දෙ දැම්මා. ඒ දෙන්නා මට ගහන එක නවත්තනකම්ම. ඉන් පස්සෙ එයා ජේක්ගෙ පැත්තට හැරිලා ජේක්ගෙ අත් දෙක අල්ලගත්තෙ ජේක්ගෙ කකුල් පාරවල් වලිනුත් මාව බේරලා.

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now