Chap.15

333 110 20
                                    

Author's pov-

පාලර් එකේ ටේබල් එකකින් වාඩි උන ජන්කුක් ෆෝන් එක  අරගෙන මැසේජ් එකක් දැම්මා. අනිත් අය එක එක කෑම ජාති එක්කම ඇවිත් මේස වලින් වාඩි වෙලා නිදහසේ කෑම ගන්නකොට කොල්ලා එයාගෙ ෆෝන් එකට මූණ ඔබාගෙනම හිටියා. කෙල්ලට එයා ආව බව  දන්වලා ජන්කුක් ගැලරියෙ කෙල්ලට හොරෙන් කෙල්ලගෙ එක එක ඉරියව් වැදුන ෆොටෝ ආයෙමත් බලන්න පටන් ගත්තා. ඒ සමහර ෆොටෝ බොද වෙලා, කට නෑ, ඇදයි, මූණක් පේන්නෑ, හොල්මනක් වගෙ... කොහොම උනත් ඒ ජන්කුක්ගෙ යූනානෙ. ඉතින් කොල්ලට ඒවා අදාල උනේ නෑ. බොද උන රූපෙක උනත් කොල්ලට සුන්දර මතකයක් තිබුනා ඒ පින්තූරෙ ඇතුලෙ හැංගිලා.

සාමාන්‍ය කෙනෙක්ට ඒක පේන්නෙ වැරදිලා වැදුන විකාර රූපයක් වගෙ උනාට ඒ එක ෆොටො එකෙන්ම ජන්කුක්ට යූනගෙ ඒ වෙලාවෙ එයාට කැප්චර් කරගන්න ඕනි උන ලස්සන හිනාව, ඇස් වලින් කරපු විකාරෙ, එහෙම නැත්තම් හුරතල් මූණ...මතක් කලා. කොල්ලා සැරින් සැරේ කෙල්ලට හොරෙන්ම ගත්ත ෆොටෝ ගොන්න එකම ෆය්ල් එකකට දාගෙන බලන්න පුරුදු වෙලා හිටියෙ. එයාට ඒක කොච්චර බැලුවත් ඇති උනෙත් නෑ.

අද ජන්කුක් හිටියෙ කලබලෙන්. එයාගෙ තීරණ නිසා හායූන්ව නැතිවෙයිදෝ ජන්කුක් බය උනා. ගෙවුන සති පහේදිම ජන්කුක් හායූන්ගෙන් රිප්ලයි මැසේජ් එකක්වත් ගත්තෙ හරිම අමාරුවෙන්. ජන්කුක් කෙල්ලව හම්බවෙන්න හදන හැමවෙලාවකම කෙල්ල එක එක විකාර කියලා ජන්කුක්ව මගෑරියෙ හරිහැටි මතකයක් නැති පාටි එක දවසෙ උන දේ ගැන ලැජ්ජාවට. ජන්කුක් කෙල්ලව කෙලින්ම ගිහින් හම්බුනත් එයා අදහස් හුවමාරු නොකලම තරම්.

අන්තිමේදි මාසෙකට පස්සෙ ජන්කුක් ටිකෙන් ටික මැසේජ් කරලා කරලා කෙල්ලගෙ ලැජ්ජාව අඩු කලා. ජන්කුක්ටත් කිසි දෙයක් මතක නැ වගෙ හැසිරෙද්දි අන්තිමේදි කෙල්ල ටිකක් හරි පරණ දගකාර හායූන්ම උනා. ජන්කුක්ට ඕනි උන කෙනා.

ඒ නිසයි සති පහකට පස්සෙ ජන්කුක්ට නිදහසේ හායූන් එක්ක දවසක් ගත කරන්න ලැබුනෙ.

ඒත් ඒකෙන් ජන්කුක්ට හැමදේම තවත් අමාරු උන එක උනේ. මුල ඉදලම හායූන් දැනුවත්ව කරන්න හිටපු කොල්ලගෙ සමහර ප්ලෑන් දැන් ඕනවටත් වඩා දුර ගිහින්. එයාට පැහැදිලි කරන්න දේවල් ගොඩක් තියනවා හායූන්ට. එයා බලාපොරොත්තු උනා හායූන් එයාව තේරුන් ගනීවි කියන එකත්.

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now