Chap.03

422 138 7
                                    

Jungkook's pov-

මම දොරෙන් ඇතුළට එද්දිත් අප්පා හිටියෙ කවුච් එකට වෙලා මොනවදෝ සගරාවක් බලබල. මගේ අඩි සද්දෙ ඇහෙනකොටම එයා ඒක පැත්තකින් තියලා මගේ පැත්තට හැරුනා.

ඒ වෙනතුරුත් මගේ ඇගිලි අතර හිරවෙලා තිබුනු ෆය්ල් එක මම එයාගෙ පැත්තට දික් කරද්දිනම් අප්පගෙ මූණෙ ලොකු හිනාවක් ඇදුනා. එයාට සතුටු ඇති දැන්.

අප්පා මගෙන් ෆය්ල් එක අරගෙන පෙරළන්න ගත්තෙ හරි සතුටෙන්. එයාට ඒ තරම් සතුටුද බලහත්කාරයෙන් ගත්ත දේකට...?

"හහ්හ්... මේක තමය්.. මේක තමය් මම ඔයාගෙන් බලාපොරොත්තු උනේ පුතා. මම දැනගෙන හිටියා මොන අඩුපාඩුව උනත් ඔයා දක්ශයා කියලා. මම දැනගෙන හිටියා ඔයා තමය් හොදම කෙනා කියලා."

මොකක්දෝ හේතුවකට මට අමුතු සතුටක් දැනුනෙ නෑ අවුරුදු ගානකින් අප්පා මට කටපුරෝලා පුතා කියලා කතාකරලාවත්.

එයාට ආචාර කරපු මම එතනින් යන්න හැරුනා. අප්පා මම යනවවත් දැක්කද සැකය්. එයා හිටියෙ පිස්සුවෙන් වගේ හිනාවෙවී ෆය්ල් එක කියවකියව.

මගේ ඉස්සරහ හිටපු යොන්සුන්ගෙ ඔරෝගත්ත මූණ දැක්කත් මම නැවතුනේ නෑ අප්පගෙ කටහඩ ඇහෙනකම්ම.

"ජන්කුක්...!"

මම ආයෙමත් අප්පා දිහා බැලුවා.

"ලබන මාසෙ ලොකු වැඩක් තියනවා. දැන් මට පොඩි විවේකයක් ගන්න කාලෙ පුතා. ලෑස්ති වෙන්න. මට ඊළග කෙනා ලෝකෙට පෙන්නලා තියන්න ඕනි"

අප්පා ලොකූ කාලේකට පස්සෙ කටපුරා හිනාවෙවි කතාකලා. එයා අදහස් කලේ කම්පැණි එකේ ඊළග අය්තිකාරයා ගැන. ඒත්,

මට ඒක ඕනි නෑ. ඒ නිසා මුකුත්ම බැරි නිකමෙක් උන මම ගොඩාක් තැන්වල අසරණ වෙලා තියනවා. මගේම මල්ලි උන යොන්සුන්ගෙන්, අපේ ඔම්මගෙන්... හැමතැනකම මම දරාගන්න බැරි තරම්ම අසරණ වෙනවා. නෑ... එයාලා මාව අසරණ කරවනවා මගේ දුර්වලකම පාවිච්චි කරලා.

යොන්සුන් මගේ අප්පගෙ දෙවෙනි දරුවා. ඒත් ඒ ලෝකෙට පේන්නම විතරයි. ඔම්මා අප්පව බදිද්දිත් එයාට අවුරුදු තුනක් විතර. යොන්සුන් ඇත්තටම මගෙ අප්පගෙම දරුවෙක් නොවුන නිසා අප්පා කැමති උනේ නෑ එයාගෙ දේපළ යොන්සුන්ට අය්ති වෙනවට. අන්න ඒ හේතුව නිසය් අදටත් මම කාලා බීලා මේ ගෙදර අස්සෙම ජීවත් වෙන්නෙ. අප්පගෙ ජියෝන් ලේ වල එකම උරුමක්කාරයා මම උනු නිසා. ඒ නිසා එයාලා මාව ගෙදරින් එලවලා දැම්මෙ නෑ. නෑ.. ඒකට කියන්න පුලුවන් අප්පා මාව එලවන්න දුන්නෑ කියලා.


Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now