Chap. 09

356 117 13
                                    

Ha-yoon's pov-

"දැන් මොකක්ද කරන්නෙ??!"

"දැන් ඉතින් ඕක තෙල් එකට දාන්න. ඕක මගෙන් අහන්න ඕනියැ"

දවටනය තවරපු චිකන් කෑල්ල උස්සගෙන සකබබරෙ වගෙ කැරකෙන ටේහ්‍යුන්ව මම තෙල් තාච්චිය පැත්තට හැරෙව්වා.

මගෙ පුංචි මොලේට හිතෙනවා ටේහ්‍යුන් තා ටිකකින් මලබෙරිහන් දීලා කෑගහය් කියලා. ඒත් ඉතින් මන් කිව්වනෙ ඉස්සෙල්ලම චිකන් ටික මම හදන්නම් කියලා. එයානෙ මෙතන චිකන් ටික හදන්න ඕනි කිව්වෙ... මගෙ වැරැද්දක් නෑ. අනික එයාට තිබ්බනෙ මෙතන නූඩ්ල්ස් ටික හදන්න.

ටේහ්‍යුන් එයා දවටනය ඔතපු චිකන් නගට්ස් ටික ප්ලේට් එකක අහුරගන්න හැටි ටික වෙලාවක් බලන් උන්නු මම ආයෙමත් මගෙ නූඩ්ල්ස් එකට අවධානය දුන්නා.

" තේයෝනා... තෙල් එ-ඔමෝ... වැඩියෙන් තැම්බෙනවා වැඩියෙන් තැම්බෙනවා"

නූඩ්ල්ස් එක බෙරිවෙන්න යනවා කියලා දැක්කම ඔක්කොම අමතක උන මම ක්ශනිකවම සාස්පාන බිමින් තියන්න අත තිව්-

"ආව්ව්ව්ව්ව්ව්!"

පිච්චුනා!

චරාස්ඃ "ඔම්මා!! ආහ් ආහ්හ්හ්හ්හ්!"

මගෙනෙ අත පිච්චුනෙ මේ මල යකා මොකටද බෙරිහන් දෙන්නෙ!?

"ආහ්හ්හ්හ්හ් අය්ගෝ අජුම්මා පුපුරනෝ! අජුම්මා පල්ලි පල්ලීඊඊ(ඉක්මනට ඉක්මනට) ඔම්මා! අප්පා! ආය්... ආව්.ආආආව්ව්ව්ව්"

මම පිච්චුන අතට සූස් සූස් ගගා පිබ පිබ උඩපනිද්දි ටේහ්‍යුන් චිකන් කෑලි ටික තෙල් තාච්චියට විසි කරකර මූණත් වහගෙන උඩ පැන්නා.

කොහෙදෝ ඉදලා දුවන් ආපු ඔම්මා ටික වෙලාවක් භූත වෙලා වගෙ බලන් ඉදලා ගෑස් එක ඕෆ් කරන අතරෙම ඇස් දෙක වහන් උඩ පනින ටේහ්‍යුන්ව ලිප ලගින් පස්සට තල්ලු කරලා දාලා මගේ අත් දෙකම ඇදලා අරන් චිකන් හෝදලා සින්ක් එකෙ එහෙම්ම තිබුන වතුර භාජනේට එබුවා. චිකන් වල අය්ස් ගතිය වතුර එකෙත් තිබුන එකෙන් මගෙ අත් දෙකේ දැවිල්ලනන් අඩු උනා. හැබැයි ටේහ්‍යුන්නම් තාම නටනවා.

"ආහ්හ්හ්හ්හ්හ්.... ඒකනම් මගුලක්!"

 ඒකනම් මගුලක්!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now