Chap.24

344 110 28
                                    

Jungkook's pov-

අපි ආයෙමත් නූඩ්ල්ස් කඩේට ආවා. මට ශුවර් මේ කඩේ දොර ඇරෙන්නැත්තෙ මාස ගානකට පස්සෙ. හායූනී ආසාවටවත් මෙහෙට ඇවිත් නැද්ද කොහෙද!. චිකො චිකො බෝඩ් එකත් කුකුලත් එක්කම ඇද වෙලා.

කිරිකිරි සද්දයක් එක්ක යකඩ දොර ඇරුනෙ මලකඩ කාලා තිබුන නිසාදෝ හරි හිමින්.

"ඔම්මලා වහලා ගියාට පස්සෙම මම මෙහෙට ආවෙ නෑ."

කෙල්ල කියලා දාද්දි මට පුලුවන් උනේ එයා දිහා බලන්න විතරමයි. මම වෙන මොනා කරන්නද? අඩුම සනසන්නවත් පුලුවන්ද මට එයාව. එයාට ඔම්මලව මතක් වෙන්නැති. එයාගෙ මූණ මැලවුනා. එයාට දැන් ඕනිවෙලා තියෙන්නෙ අඩන්න කියන එක මට හොදටම තේරෙනවා. ඒත් මට එයාව සනසන්න පුලුවන්ද?

මම මුකුත් කරන්න කලින් එයා ඇතුළට ගියා.

චහ්... මේක දූවිලි විමානයක්නෙ!

ඇතුළට අඩි දෙක තුනක් තිබ්බත් හරි අපි දෙන්නම තරගෙට කහින්නයි හචුස් අරින්නයි ගත්තා. ඒ තරම් දූවිල්ලක්. මේස පුටු වගේම අනිත් දේවලුත් දූවිලි පිරිලා. මාස ගානක වැඩ මෙතනම තියෙයි වගේ.

ඒත් මම කරපු රස්සාවල් වලට වඩා සීයට දාහක් මෙතන වැඩ කරන්න මම කැමති. මෙතන ඉන්නෙ මගේ ජීවිතේට වටිනාකමක් දුන්න එකම මනුස්සයා. මම වැඩ කරන්නෙ මාව පාගලා මඩවන්න හදන අයත් එක්ක නෙවෙයි මගේ ආදරේ එක්ක. මගේ වයිෆ් එක්ක. මේ ඉන්නෙ මම වෙනුවෙන්ම මගේ භාශාව ඉගෙන ගත්ත කෙනා.මෙතන මට ලේසියෙන්ම සිතුවිලි වචන කරන්න පුලුවන්.  ඉතින් මේ ලැබුන අවස්ථාව ගැන කොහොමද මම මගෙ හැගීම් විස්තර කරන්නෙ?

"පටන් ගමු එහෙනම්. හ්වයිටීන්!"

හායූන් කඩේ ඔක්කොම ජනෙල් දොරවල් ඇරලා දැම්මා. මේ දූවිල්ලත් එක්කද වැඩ කරන්නෙ? දෙය්යනේ... අපි ඉවරයි.

"ආහ් මේක දාගන්න ජන්කුක්"

මූණත් දෙක කරගෙන කඩේ හැඩ බලබල හිටපු මට කෙල්ල ඒප්‍රන් එකක් දික් කලා. එයත් එකක් ඇදගෙන එක අතිකින් ඒකෙ පිටිපස්සෙ පටිය ගැටගහන්න හදනවා. අනිත් අත ඒප්‍රන් එකත් එක්ක මගේ පැත්තට දික් වෙලානේ..

මගෙ ඒප්‍රන් එක එයාගෙ අතින් ගන්නත් කලින් කෙල්ලව හරවපු මම එයාගෙ ඒප්‍රන් එකේ පටි දෙක පිටිපස්සට කරලා සමනල ගැටයක් ගැහුවා. ලස්සන සමනලයෙක් වගේම ගැටයක්. ඊටපස්සෙයි මම එයාගෙ අතේ තිබුන ඒප්‍රන් එක ගත්තෙ.

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now