Chap. 06

350 122 8
                                    

Jungkook's pov-

මේ එයාද?? මොකක්ද කරන්නෙ මේ ළමයා?

හෙඩ්සෙට් එකත් ගලවලා බෙල්ලට වැටෙන්න දීපු මම හූඩි එකය් කැප් එකය් තව ටිකක් හදාගෙන බන්කුවෙන් නැගිට්ටා. පොන්ඩ් එකට ඉස්සරහින් ඈතට වෙන්න තියන මහ පාරෙ මම දැකපු හුරුපුරුදු රූපයක් නිසා.

ඒ අර කෙල්ල. හායූන්...

තඩි මොකක්දෝ ගෝනියක් එක්ක විකාර කරනවා. ඇත්තටම මේ ළමයට පිස්සුද මන්ද!?

මහ පාරත් පාක් එකත් අතර තිබුනු යකඩ වැට නිසා මට කෙලින්ම එයා ලගට යන්න බැරි උනා. ඒත් මම වැට කිට්ටුවටම ගියේ එයා කට උල් කරකර කියන්නෙ මොනාද කියලා දැනගන්න.

"මොට්ට ගෝනිය! ආය්ශ්!! එනවකො අප්පා. මොන මගුලක්ද මන්දන්නෑ! තමුසෙ මහ ජරාවක්! ජරා ගෝනිය"

ඒකෙ මොනා තියනවදනම් පෙනුනෙ නෑ. හැබැයි එයා ගැටගහපු ගෝනි කට ලගින් අල්ලගෙන අත් දෙකෙන් අදින අතරෙම ගෝනියේ යට හරියට පය්න් පාරවල් දෙක තුනකුත් දුන්නා. මෙහෙම හිටියට මිනියක්වත් මරලා ඔබාගෙන යනවද මන්ද! ඇය් දෙය්යනේ මොනවද ඔය හැටි බරට බරේ උස්සන් යන්න තියෙන්නෙ? ඒකත් කෙල්ලෙක්ට! අනික මේ රෑ!

"තමුසෙ දැනගන්නවා!මට මේ දෙන වදේට මම තමුසෙලා ඔක්කොගෙන්ම පලි ගන්නවා. මම තමුසෙලා ඔක්කොම කෑලි කෑලි කපලා ලුණු මිරිස් දානවා!. ඉන්නවා කරන්න හොද වැඩක්! ආශ් නෑ මම තමුසෙලා ඔක්කොම තෙලේ දාලා කරකරනවා අමු අමුවෙම!!! ඉන්නවකො... ඉන්නවකො ගෙදර යනකම්."

දෙය්යනේ... එයා ඒක අස්සෙ දාගෙන යන්නේ සත්තුද?? කුකුලෝ, කකුලුවෝ එහෙමත් නැත්තම් හාවෝ??? හාහ්හ්හ්හ්!? එයා ඒ තරම්ම නපුරුය්ද? පනපිටින් තෙල් දානවා කියන්න තරම්!. අනික කපලා ලුණු මිරිස් දානවා කියලත් කිව්වා.

තඩි කෙල ගුලියක් ගිල්ල මම තව ටිකක් වැටේ එහා පැත්තෙන් ඉදගෙන එයා දිහා බලන් හිටියා. ගෝනිය ටිකකට අතෑරපු හායුන් ඉණ දෙපැත්තෙන් අත් තියාගෙන හිටගත්තා. කෙල්ලට දැනටම දාඩියත් දාලා.

එයා තවමත් මාව දැක්කෙ නෑ. එක්කො මන් එයාට උදව් කරන්නද?

හුස්මක් පිටකරපු මම ටිකක් එහාට වෙන්න තිබ්බ ගේට්ටුව ලගට යන්න හිතුවෙ හායුන් ආපහු දෙකට නැවිලා ගෝනියට බනින්න ගත්ත නිසා.

Emotionless puppet || JJK [Completed]Opowieści tętniące życiem. Odkryj je teraz