Chap. 13

363 119 18
                                    

Author's pov-

"මේ ඒක නෙවෙයි දැන් මොන යුනි එකද සිලෙක්ට් කරගන්න හිතන් ඉන්නේ"

තවත් මස් කෑල්ලක් කටේ ඔබාගන්න ගමන් ටේ හායුන් දිහාවට හැරුණා. කටේ තිබ්බ බත් ගුලිය ඉක්මනට ගිලලා හායුන් ටේ දිහා ඔරවලා බැලුවේ ' මූ මොන සිහියෙන්ද' කියලා අහන්න වගේ

" ඇයි මෝඩයෝ ඊයේ එලි වෙනකම් අපි කතා කරේ සෝල් යුනි එකට යනවා කියලා "

ටේත් ගොන් පාටට හිනාවෙලා ඊලඟ හැරුණේ පෑන් කේක් එකට චොප්ස්ටික් එකෙන් පහර දෙන ජන්කුක් දිහාවට

" එතකොට කුකී ඔයා ?? "

කාලය ගෙවෙනවත් එක්ක ජන්කුක් ටේට කුකී වෙලා. කොහොමත් ටේ යාලුවෝ ඇති කරගන්න කැමති කෙනෙක්. ඒ නිසාම ජන්කුක් ඉක්මනට ටේගේ ලගම යාලුවෙක් වුණා.

තවත් පැත්තකින් ටේට ඕනි උනා එයා අතින් උනා කියලා හිතුන ලොකු වැරැද්දක් සධාරණීකරණය කරන්නත්. ඉතින් ටේ උත්සාහ කලේ හැමවෙලාවකම ජන්කුක්ගෙ හොදම යාලුවෙක් වගේ හැසිරෙන්න.

ඒත් ඒ නික්නේම් එක නිසා වැඩියෙන්ම සතුටු උන කෙනානම් ජන්කුක්. බත්බෝලෙට පස්සෙ එයාට කෙනෙක් හුරතල් නමකින් කතා කලානම් ඒ තමයි කුකී. ජන්කුක් ගොඩාක් කැමති උනා ඒ වගෙ බැදීමක් යාලුවෙක් එක්ක වගේම එයාගෙ මුලු ලෝකෙම උන කෙල්ලත් එක්ක තියන එකට. කොල්ලට දැනුනෙ මුලු ලෝකෙම එයා එක්ක වගෙ හැගීමක් ඒ දෙන්නත් එක්ක ගතකරන හැමමොහොතකදිම.

ජන්කුක් ඉක්මනට පෝන් එක අරගෙන පට පට ගාලා මොනවදෝ ටයිප් කලා. හායුන් ටේහ්‍යුන් දෙන්නා කියවන වේගෙට ඒවට උත්තර දෙන්න ඕනි නිසා ජන්කුක්ට දැන් ගොඩක් වේගෙන් මැසේජ් ටයිප් කරන්නත් පුලුවන්.

* මාත් හායුන් යන එකටම තමයි ඉතින්. මගේ ගර්ල්පෙන්ව එක එක ජහජරා කොල්ලන්ගේ පරිස්සම් කරගන්න එපැයි මම *

ඒ වචන ටික ටයිප් කරන වෙලේ ජන්කුක්ගේ තොල් අතරේ අහිංසක ආඩම්බරයක් කැටි වුණු චූටි හිනාවක් ඇදිලා තිබ්බා. ඇයි ඉතින් මේ ලස්සන කෙල්ල එයාගෙනේ... ඒක ජන්කුක් අනිත් දෙන්නට පෙන්නුවෙත් හුරතල් හිනාවකින් මූණ පුරවගෙන කම්මුල් රතු කරගන්න ගමන්.

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now