Chap.22

306 112 16
                                    

Ha-yoon's pov-

අදට සති දෙකක්... අපි දෙන්නා එකම ගෙදරක ආගන්තුකයෝ වගෙ ජීවත් වෙන්න පටන් අරගෙන අදට සති දෙකක්ම ගත වෙලා.

අද මට කලින්ම කැම්පස් එකට යන්න ඕනි උනත් මම කාමරෙන් එලියට ආවෙ නෑ. පුරුදු විදියටම ජන්කුක් ගෙදරින් පිටවෙන සද්දෙ ඇහෙනකම්ම මම නිකරුනෙ ඇදෙන් වාඩි වෙලා හිටියා. කමක් නෑ ටිකක් පරක්කු උනාට.

මම දන්නෑ එයා ගැන. මම දන්න එකම දේ එයා රෑ එකොලහට දොලහට ගෙදර ඇවිත් හය හත වෙනකම් නිදාගෙන ආයෙමත් යනවා කියන එක විතරයි. ඉතින් මම මගේ කාමරෙන් එලියට ආවෙ ඒ වෙලාවල් මගෑරලා. හැමදාම මට උදේ පාන්දරින්ම ඇහැරුනා උනත් මම ඇද උඩටම වෙලා බලාගෙන හිටියා ජන්කුක් ගෙදරින් පිටවෙන සද්දෙ ඇහෙනකම්ම.අඩුම තරමින් තදබල විදියට වොශ් රූම් එක පාවිච්චි කරන්න උවමනාවක් ආවත් මම ඉවසගෙනම හිටියා. මට ඕන්නෑ එයාට මූණ පෙන්නන්න. ඊටත්වඩා කාලයක් එයාව මගෑරලා දැන් මට ඒක හුරු වෙලා නිසා ජන්කුක් ඉද්දි එලියට යන්න මට නුහුරු බවකුත් දැනුනා.

මම යුනිවසිටි යන්න පටන් ගත්තා. හැමදාම යන්න ඕනි නැතත් හැම ලෙක්චර් එකකටම මම සම්බන්ධ උනා එදා ඉදලම. ඊට අමතරව කැෆේ එකක වැඩ කරන්නත් මට කාලය ඉතුරු උනා. මොකද කලින් වගෙ රැයක් දවාලක් නැතුව වැඩ කරකර සල්ලි හොයන්න ඕනි උනෙ නෑ මට. මොකද මට දැන් භාරකාරයෙක් ඉන්නවනෙ.

මම දන්නවා ජන්කුක් මහ වැරැද්දක් කලේ නෑ. ජන්කුක් වැරදි කරන්නැති. ඒත් එයා මෙහෙම වෙන්න තරම් දෙයක් කලේ නෑ. එයා එයාගෙ පරණ පෝසත් ජීවිතේ අත අරින්න ඕනි නෑ මන් වගෙ කෙනෙක් නිසා. හරියට ළමා කතාවල කුමාරයො මාලිගා අතෑරලා හොදම ආදරවන්තයා වෙන්න යනවා වගෙ ජන්කුක්ටත් රගපාන්න ඕනි උනෙ මොන හේතුවක් නිසාද කියලා මම දන්නෙ නෑ.

ඒත් අදටත්,... මම එයාගෙන් ඉල්ලුවෙ නෑනෙ මාව කසාද බදින්න කියලා. ඒක එයාගෙ උවමනාවෙන් උන දෙයක්. එයාමයි මේ දේවල් භාරගත්තේ? එයාටමයි මාව රවට්ටලා කසාද බැදගන්න ඕනි උනේ. කොටින්ම මේ කසාදයත් එයා බලහත්කාරයෙන් කරගත්ත එකක්.

ඉතින් ඔම්මගෙ හොස්පිට්ල් බිල් එක ජන්කුක් තනියම ගෙවන එක ගැන මට වරදකාරී හැගීමක් දැනෙන්න ඕනිද?? ඒත් මන් මොකක්ද කල වැරැද්ද? එයාටමනෙ ඒ දේ ඕනි උනෙ.

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now