Chap.14

333 111 10
                                    

Ha-yoon's pov-

ආය්ශ්!! ඔම්මා! ඔලුව රිදෙනෝ! ආය්ගෝඕඕ!!

මම නැගිට්ටෙම ඔලුව බදාගෙන. මුලු ඇගම ඇලෙනවා වගෙ අප්ප්‍රසන්න ගතියකුත් තිබුනා. ඒත් මට ඇස් අරින්නත් කම්මැලි. ආර්ග්ග්ග්ග්ග්! කකුල් දෙක වටෙත් මොන මගුලක්ද මන්ද එතිලා කකුල් හොල්ලගන්නත් බෑ.

"ආ...ය්ගෝහ්...."

කෙදිරියක් පිටකරපු මම ඇද දිගේම කකුල යවලා ඇදේ කෙලවර හෙව්වෙ වෙනද වගේම බඩගගා වොශ් රූම් එක පැත්තට යන්න.

"ඕහ්! නැගිටලා!.. යාහ් හායූනා! යාහ්හ්හ්හ් නැගිටිනවා!"

ආව්! ආව් ආව්ව්වා ආය්යා ..

"ආහ් රිදෙනවා"

ඔම්මාගෙ අත් පාර දිගට හරහට මගෙ පස්සට වදිනවා දැනුනත් මම කෑගැහුවෙ අඩුම ඇස්වත් ඇරගෙන නෙවෙයි. ආව්ව්ව්ව්ව්! රිදෙනවා.

"මොන $$@#!! ඔම්මා ගහන්නෙපා අනේ. රිදෙනවා!"

"ගහන්න! ගහන්න!!? ගහන්න නෙවෙයි හමගහන්න තියෙන්නෙ. නැගිටනවා ළමයෝ"

ඔම්මා මගෙ අතකිනුය් කකුලකිනුයි ඇද ඇද බිමට දාන්න හදන නිසාම මම කෙදිරියක් පිටකරන ගමන් ඇදේ කෙලින් උනා.

ඔම්මා තමයි මට ගුටි පූජාව දීලා තිබුනෙ. මොකද අප්පා ඉන්නෙ මට වඩා ටිකක් ඈතට වෙන්න මගෙ දිහා යකෙක් වගෙ බලාගෙන. ඉතින් අප්පගෙ අත එ හැටි දිග නැති හින්දම එ ඔම්මා කියලා මන් දැනගත්තා.

"වේයෝඕඕඕහ්(මොකද??)"

"ඊයෙ ඔයාලා ආරක්ශක විදිවිදාන මොනා හරි පාවිච්චි කලාද?"

"හැ!"

ඒ මොකක්ද ඇහුවෙ? ඊයෙ රෑ? ආහ්හ් ඊයෙ රෑ අපි පාටියට ගියා... කෑවා.. බිව්වා.... ආරක්ශක මොකක්ද ඒවා මොකක්ද?

"ඔය දෙන්නා.... ඒක කලේ නිකම්ම නෙවෙයිනෙ??"

අප්පා ඇගිලි මොකක්දෝ කරකර අමුතුවට ඇහුවා. මොකක්ද කලේ? කවුද දෙන්නා??

"මොනවද අනේ කියන්නෙ?"

"අය්ගෝ... මේ ළමයා."

ඔම්මා ආයෙමත් අත දිගෑරලා මගෙ උරහිසකට චටස් ගාලා පාරක් දුන්නා. මොන මගුලක්ද කොටට කොටේ උඩපැනලා ගහනකොට රිදෙනවත් එක්ක.

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now