Chap.07

376 124 8
                                    

Haa-yoon's pov-

"හායූනා... අනේහ්... මේකහ්... පැත්තකින්.... උස්සනවකොහ්..... මගෙහ්... කොන්දහ් කැඩෙය්හ්"

මම ඒ පාරත් ගොනාබීරා සේ ඉස්සරහා බලාගෙනම ගියා. මන් දන්නවා ඉතින් පඩිපෙළ ටිකක් උස නිසා ටේහ්‍යුන්ට අමාරුය් කියලා. ඒත් දැන් මන් අනුකම්පාව පෙන්නන්න ගියොත් එහෙම අන්තිමේදි මටමනෙ ගෝවා ගෝනිය උස්සන්න වෙන්නෙ. ඉතින් මම එයා දිහා බැලුවෙවත් නෑ.

"ආය්ශ්.. ආයෙනම් පාරෙදි තමුසෙව දැක්කොත් මම කුණු කානුවකට හරි පනිනවා තමුසෙ එක්කනම් කතා කරන්නෑ"

මම දන්නවනෙ ඔය මොනා කිව්වත් තේයෝනට මම දැක්කම කට නලියනවා කියලා. එයා හැමදාම මෙහෙම එයාගෙන් මම වැඩ ගද්දි ඔය කතාව ඔය විදියටම කියනවා. ඒත් ඉතින් ඊලග දවසෙ එයාටම ඒක අමතක වෙනවනෙ. ඉතින් කලබල වෙන්න දෙයක් නෑ.

"අනික මොන මගුලකටද අර හිච්චන් ගේ අස්සෙ ගෝවා ගෝනි පුරෝගන්නේ? ඕනි වෙලාවට සුපර්මාකට් එකෙන් ගන්නවකො"

අන්න එතනනම් මට කටවහන් ඉන්න එක ටිකක් අමාරුය්.

"ඉතින් තමුසෙගෙ මහලොකු අජුම්මට ඒක තේරුම් කල්ලා කියනවකො."

"ඉතින් මනුස්සයො ඒ මහලොකු අජුම්මා තමුසෙගෙ ඔම්මනෙ. තමුසෙ කියනවකො!"

අෆ්ෆා. අමතක වෙලා තිබ්බෙ!. ඒ උනාට ඇත්තම කතාව ඔම්මා මම කියන දේ අහන්නෑ. ඔම්මා මට වඩා ආදරෙත් ටේහ්‍යුන්ටද කොහෙද? මොනා කරන්නද මූ ගෙදර ගියාම මන් පිට එකා වෙන එකේ මෙහෙමවත් පලිගත්තොත් තමය් මට පොඩිවත් සැනසීමක් ලැබෙන්නෙ. මම හිතාගෙන හිටියෙ පඩිපෙළ ඉවර වෙද්දි ටේහ්‍යුන්ට ගෝවා ගෝනිය ගෙනියන්න උදව් කරන්න උනත් දැන් අදහස වෙනස් උනා. එහෙම ඕන්නෑ. ඔය සුට්ටි කන්දත් එයාම උස්සගෙන ගියපුවාවේ.

"මට බැ! ඔයානෙ උස්සන් යන්නෙ, ඔයාම කියන්න"

"ආය්ශ්! තමුසෙව කනවා මම කෑලි කපලා."

ටේහ්‍යුන්ට දිව දික් කරලා ඇද කරපු මම එයාට පේන්නම පාරෙ උඩ පැන පැන ඇවිද්දා.

මම අලුත් ස්කෝලෙට ඇවිත් දවස් දෙකක් යන්නත් කලින් මට හම්බුන හොදම යාලුවා තමය් ටේහ්‍යුන්. කෙල්ලොන්ටත් වඩා එයා මට හොදම හොදම හොද යාලුවෙක්. මොකද එයාට ඊරිසියාවක් නෑ, මාත් එක්ක තරහකුත් නෑ.... එතකොට හොදම දේ එයාට මන් ගැන අදහසකුත් නෑ. එයා ඒක කෙලින්ම මගෙ මූණටම කියලා දැම්මා. හරියට තිරිසනෙක් පිසාචයෙක් වගේ...
'වැරදියටනම් හිතන්නෙපා ඔයාව මට පේන්නෙම කැතට' කියලා එයා මගෙ මූණටම කියලා දැම්මා. මොට්ට ටේහ්‍යුන්!. මන් කියන්නෙ එයා මගේ මූණ බලන් ඒක හිතක් පපුවක් තියාගෙන කිව්වෙ කොහොමද?

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now