ගොලු නොවන ගොලු හිත....

295 95 14
                                    

හිත ගොලු වුණාට ඒ හිතටත් හැගීම් නොදැනෙනවා නෙවෙයි. රිදෙන්නෑ කියලා හිතුවට ඒකත් රිදෙනවා ඇති තරම්. දුක ඉවසන්න හුරු වුණාට ආදරයක් දැනුණු තැනින් රිද්දකොට ඒ හිත පෑරෙනවා හායුන්. ජීවිතේ ගැන ,මම ගැන ගාණක් නොතිබුණු මට පුංචිම හරි වටිනාකමක් දැනුණේ ඔයා ලගින්. ඔයාගේ හිනාවෙන්. ඔය කතා කරන ඇස්වලින්. මම ඒවට මහ ගොඩක් බැදුණා මැණික. ඔයාගේ පොඩි දේකිනුත් මගේ හිත පිනුම් ගහන්න තරම් සතුටු වුණා. මම හිතලා කරේ නෑ ඒ කිසි දෙයක්. රූකඩයක් වුණු පලියට මෙච්චර රිද්දන්න එපා මැණික. දරාගැනීමේ අන්තෙට ගිහින් ඉන්න මට ඔය වචන බර වැඩී. උහුලන් ඉන්න තරම් හයියක් නෑ පණ. ගොලුවෙක් වුණාට , කතා කරන්න බැරි වුණාට වචන නොකරපු , අකුරු නොකරපු මටවත් විස්තර කරන්න තේරෙන්නැති මහ ලොකු ආදරයක් තියෙනවා මගේ හිතේ. ඔයාට ඒක දැනෙන්න දෙන්න තේරෙන්නෑ මට.. ඔයාට කියන්න ඕනි මට ඔයාව වටින තරම්.. ඔයා විතරක්ම වටින තරම්.. මට ඔයාව ඕනි තරම්..ගල් කරගෙන ඉන්න අමාරුයි මැණික. එක පාරක් අහන් ඉන්න... මේ ගොලු කොල්ලා කියන්න හදන පපුව පිච්චෙන එයාගේ කතාව.. මම පොරොන්දු වෙන්නම්. මාව අහන් ඉන්න වෙන්නේ එක පාරක් විතරක්ම බව

-- කතා කරන්න අවස්ථාවක් නොලැබුණු ජන්කුක්ගේ ගොලු හදවත --

-- කතා කරන්න අවස්ථාවක් නොලැබුණු ජන්කුක්ගේ ගොලු හදවත --

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________________________________

මේක @nethu_chimmy මගෙ පුංචි ඕතරීගෙන් ලැබුන වචන ටිකක්. මම මවපු චරිතයක් උනත් කතාවටත් වඩා මට දැනුනෙ එයාගෙ මේ වචන ටික.❤ ඉතින් මට ඔයාලත් එක්ක ඒක බෙදාගන්න හිතුනා.

තැම්කූ චූටිචිම්..❤ මේක මට එක විදියක මෝටිවේශන් එකක්. තවත් පැත්තකින් මට මගෙ කතාවටම ආදරේ කරන්න හේතුවක්. තැන්කූ බෝලෙ. සලන්හේ.❤

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now