Chap.20

320 109 34
                                    

Author's pov-

දවසම මහන්සි උන හායූන් ගෙදර ආවෙ ඊළග දවසෙත් එයාට නිවාඩුවක් නොලැබෙන එකට තමන්ටම දොස් කියන ගමන්. පුංචි පුංචි රස්සාවල් කීපයක් කරන අතරෙම කෙල්ලට ඔම්මව බලන්න යන්නත් හැම දවසකම වෙලාව වෙන් කරන්න උනා. ඉතින් හායූන් ගෙදර ආවෙත් මහ රෑ. ඒ වගේම කෙල්ල උදේ පාන්දරින්ම ගෙදරින් යන්නත් යනවා. කෙල්ලට ගෙදර ඉන්න වෙලාවක් නොතිබ්බටත් වඩා එයාට ගෙදර ඉන්න ඕනි උනෙත් නෑ. ඇයි කෙල්ල ගෙදර ඉන්නෙ කවුරුවත් නැතුව තනිවෙන්න?.

"ආර්ග්ග්ග්ග්!!!"

උඩට උඩට තියන පඩිපෙල දිගා බලාගෙන උගුරෙන් සද්ද දාපු කෙල්ල එකින් එක පඩි නගින්න ගත්තෙ දෙකට නැවිලා.

"හෙටත් යන්න වෙනවා... අය්ගෝඕඕ...."

හායූන් එයාටම කියාගත්තා. කෙල්ල දැක්කෙ නෑ ටිකක් ඈතට වෙන්න කෙල්ලගෙ ගෙදර දොර ලගට වෙලා කෙල්ල දිහා බලන් හිනාවෙන ටේහ්‍යුන්ව. කොහෙ දකින්නද ආතම්මා කෙනෙක් වගෙ හතරට නැවිලා මූණ බිම ගහගන්නකොට පඩි ටික නගින්නම.

මේ තරම් වෙලා දොර ලග සීතලට අල්ලවල් අතුල්ලා අතුල්ලා ඒවට පිඹ පිඹ ඉදපු ටේහ්‍යුන් බෙල්ලත් ඇල කරගෙන අත් බැදගත්තා. කොල්ලට හිනාත් යනවා. දිග සායක් එක්ක ටීශර්ට් එකක් යට කරලා තිබුන කෙල්ල සපත්තු දෙකක් එක්කම ලොකු පොල්ගෝනි බෑග් එකකුත් කරේ එල්ලගෙන හිටියෙ. බෑග්ගේනම් ලොකු දෙයක් තියන බවක් පේන්න තිබුනෙ නෑ. හැබැයි ඒක ලොකු බෑග් එකක්. සමහරවිට වකුටු ගැහිලා ටේහ්‍යුන්ට උනත් ඒ බෑග්ගෙක අස්සට බැහැගන්න බැරි වෙන එකක් නෑ.

දෙකට නැවිලා නිසා කෙල්ලගෙ සාය කෙල්ලටම කීපසැරයක් පෑගුනා. බර අඩි තියන විදියට සමහරවිට දොර ලගට එද්දි සපත්තු අඩිය එහෙම ගැලවිලා උනත් යන්න පුලුවන්. කෙල්ලගෙ උණ්ඩි කරලා දාපු පෝනිටේල් එකට අහු නොවුන කොණ්ඩ කෑලි ගොඩාක් කෙල්ලගෙ මූණ වහගෙන වැටිලා තිබුනා. හායූන් කට උල් කරකර පිම්ඹත් ඒවා ලේසියකට මූණෙන් අයින් උනෙත් නැත්තෙ කෙල්ලගෙ කටින් නරක වචන ගොඩකුත් එලියට ඇදගන්න ගමන්.

ටේහ්‍යුන්ට හිනා ගියෙත් ඒ දේවල් එක්ක. හායූන් දැන් පරණ කෙල්ල නෙවෙයි. අදින පලදින විදියෙන් උනත් ඉස්සර කෙල්ල වගෙ දගකාර පෙනුමක් දැන්නම් පේන්නෙ නෑ කෙල්ලගෙන්. ඉදලා හිටලා කතාකරද්දිත් කලින් වගෙ විකාර මොට්ට වචන කෙල්ලගෙන් පිට උනේ නෑ.

Emotionless puppet || JJK [Completed]Wo Geschichten leben. Entdecke jetzt