❄️💕press conference❄️💕

226 46 0
                                    

පහුවදා හවස කට්ටියම ලෑස්ති උනෙ ජන්කූක් ගෙ ගෙදර යන්න.ජිහී නම් දවසම හිටියෙ එහෙ.ජිමිනුත් නෑවිත් බැරි කමට ආවෙ මොන තත්වයක් ඇති වෙයිද කියල හිතන ගමන්!ඒත් ජිමින්ට ජිහීව දැක්කමනං හිතුනෙ ඒන්ජල් කෙනෙක් වගේ කියලා!

මූණට ව්‍යාජ හිනාවකුත් මවා ගෙනම ජිමින් ජිහී ළඟින් හිට ගත්තා!

එතනට ඇවිත් හිටපු ගොඩක් අය කිව්වෙ ලස්සන කපල් එක කියලා.ඒත් එක්කෙනෙක් නම් එතන හිටියෙ ජිහීව ජිමින්ගෙන් ඈත් කරන්න විදිහක් ගැන හිතන ගමන්.ඔව් ඒ යූනා!හීජින් ජන්කූක් එක්ක ජිහී ඇතිවෙනකම් නැටුවා.ජිමින් යූනව අද අඳුරගත්තා වගෙ කතා කර කර හිටියා.

අන්තිමට party එක ඉවර වෙලා කට්ටිය හැමෝම පිටවෙලා යද්දි ජිමිනුත් යූනා එක්ක ගියෙ ජිහීව ගානකටවත් නොගෙන.ජන්කුක් නම් උඩට දිව්වෙ මල් පෝච්චියක් හරි යූනගෙ ඔළුවට අතහරිනවා කියලා බෙරිහන් දෙන ගමන්.ජිහී හීජිනුයි නොහිටින්න යූනා මෙලහකටත් සුභ ගමන් කියලා!!

මේ අතරෙ යූනා හිතින් හිතපු එකම වාක්‍ය

තමුන්ගෙ ගෞරවය හෙට වෙද්දී දිය වෙලා තියෙයි ජියෝන් ජීයුන්!

අන්තිමට ජිහීට උනෙ ජන්කූක් එක්ක යන්න.
පහුවදා උදෙන්ම ජිහීට ඇහැරුනෙ දොරේ බෙල් එක එක දිගටම වදින්න ගත්ත නිසා!ජිමිනුත් කලබලෙන් කාමරෙන් එලියට ආවෙ මොකද බලන්න!ජිහිත් නිදි මතේ දුවගෙන ආපු පාර වැදුනෙ ජිමින්ගෙ ඇගේ!දෙන්නට දෙන්නා එකසිය අසූවටම රවලා දොර ඇරියෙ උදේ පාන්දර නින්ද කැඩුවෙ කවුද බලන්න.මෙච්චර වෙලා දොරෙ එල්ලිලා හිටපු ඒ අය ජිහී දොර අරිනවත් එක්කම ගේ ඇතුලට වැටුණෙ එක පොදියට!

හපොයි දෙයියනේ හියුන්!

ජිහී බෙරිහන් දුන්නෙ අසරණ ජින් හියුන් ගෙ ඇගට පස් හය දෙනාම පතබෑවෙද්දි.යන්තම් thumb up කරලා හොඳින් කියලා පෙන්නන්න විතරක් ජින් හියුන් ට පණ තිබුනා!!

යාහ් කොන්ද!

තොපි මොනාද යකුනෙ ගිලින්නෙ!

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now